(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය රෝහලේ හෙද නිලධාරියෙකු විසින් හෙදියකගේ අතින් අල්ලා ඇය අපහසුතාවයකට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය සැකකාර හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
වසර දෙකක පමණ සිට එම හෙද නිලධාරියා හෙද නිලධාරිනියට නොයෙක් බලපෑම් සිදුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෙත පැමිණිලි කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා වෙනත් සේවා ස්ථානවලට මාරු කර ඇති බවත් එහෙත් පසුගිය දිනෙක රාජකාරි අවස්ථාවේ ඔහු පැමිණ මෙසේ අතින් ඇල්ලු බව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම හෙද නිලධාරියාට විරුද්ධව මීට පෙරද මෙවැනි පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙදියගේ අතින් ඇල්ලූ හෙද නිලධාරියා අත්අඩංගුවට
මහගම Sunday, 18 March 2018 06:06 AM
රැකියාවෙ ගෞරවය ගැන හිතන්න තිබුනා
Chanak los angeles Sunday, 18 March 2018 06:56 AM
මාර වැඩක්නේ. මනුස්සයෙක්ගේ අතින් අල්ලන්නවත් නිදහසක් නැද්ද?
sanath Sunday, 18 March 2018 06:13 PM
අකමැති කෙනෙක් නිතර මෙහෙම කරදර කරනවානම් කූඩුවට දමන එක හොඳයි.