IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


හෙට කැබිනට් සංශෝධනයේ දී මුදල් ඇමැතිකම මංගලට ?

(රංජන් කස්තුරි)

හෙට (22) පෙරවරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී බොහෝ දුරට මුදල් අමාත්‍ය ධූරය මංගල සමරවීර මහතාටත් විදේශ කටයුතු ඇමැති ධූරය රවී කරුණානායක මහතාටත් හිමිවීමේ ඉඩකඩක් පවතින බව රජයේ ඉහළ ආරංචි සඳහන් කරයි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිපදෙනකුගේ ඇමැති ධූරවල වෙනසක් සිදුවන නමුත් මෙතෙක් එජාපයට හිමි ඇමැති ධූර එම පක්ෂයේම කෙනකුටත් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ එම පක්ෂයේ ම ඇමැතිවරුන්ටත් හිමිවනු ඇතැයි රජයේ ආරංචි කියයි.



අදහස් (14)

හෙට කැබිනට් සංශෝධනයේ දී මුදල් ඇමැතිකම මංගලට ?

dias Sunday, 21 May 2017 02:57 PM

බුද්ධික මහත්තයාට නිවාස උප ඇමතිකම ලැබුණොත්....හොඳ සේවයක් ගත හැකියි. මංගල මහත්තයාට මුදල් ඇමති කම සුදුසුද? සජිත් මැතිතුමාට නිවාස ඇමති කමට අමතරව... සමෘද්ධි ඇමති කමත් ලැබුණොත් හොඳයි. හර්ෂණ මහතාටත් යමක් දෙමු. මහින්ද අමරවීර, දයාසිරි යන මහත්වරුනුත් හොඳයි...

:       167       19

සෙනෙවි Sunday, 21 May 2017 03:05 PM

ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පියෙකුට මුදල් ඇමති කම කරන්න දැනුමක් තිබේද කියන එක නම් ප්‍රශ්නයක්...

:       29       213

SamanSunday, 21 May 2017 04:17 PM

එහෙමනම් ඔය ඇමතිකම ප්‍රේමදාසත්, මහින්දත් කලේ. මොන දැනුමක් තිබිලද ?

:       64       35

raheem Sunday, 21 May 2017 04:14 PM

කලකට පෙර ෆීල්ඩ් මාර්ෂල් ඔය මංගල ඇමතිතුමා ගැන රූපවාහිනියේ කියපු දේවල් මතක් වෙනවා පුදුමෙ දැන් ඔක්කොම එකට.... දැන් මුදල් ඇමති වුණොත් මොනවා කියයිද දන්නේ නැහැ.

:       20       72

susantha Sunday, 21 May 2017 04:30 PM

ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ ඉන්න රට හැටියට අපිට කොච්චර ආඩම්බරයක්ද. අපි වගේ හිඟන ආර්ථිකයක් තියන රටක, ලෝකේ නුගත්ම මන්ත්‍රීවරු ඉන්න රටක, ඇමති මණ්ඩලේ ලෝකේ ලොකුම ආර්ථික වන ඇමරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එංගලන්තය, බ්‍රසීලය වැනි හැම රටකටම් වඩා වැඩි ලෝකේ ලොකුම එක කියන එක අපිට කොච්චර ආඩම්බරයක්ද. මේ අයව ජනතා මුදලින් නඩත්තු කරන අපි කොච්චර වාසනාවන්තයෝද.

:       0       16

sadun Sunday, 21 May 2017 05:28 PM

ඇමති මණ්ඩලය 20 ට අඩු කිරීම ඉතා හොඳ දෙයක්. ඒ වගේම මැතිවරණ පොරොන්දුවක්. වාහන පර්මිට් ටිකත් නතර වුණොත් ලොකු පිනක්. මංගල මහත්තයා දක්ෂයෙක්. සුබ පැතුම්. හොද තීරණයක්. විදේශ අමාතංශය හරි මගට ගත් මංගල මැතිතුමාට ස්තුතියි...

:       0       0

nihal Sunday, 21 May 2017 07:50 PM

මේ වැඩේ නම් හිසරදේට කොට්ට මාරුකිරීමක් ...

:       0       0

siri Sunday, 21 May 2017 10:50 PM

මොන සුදුසු කමක්ද මොහුට ඒ පිලිබදව? යහපාලනයම තනිකරම අච්චාරුවක්.

:       0       5

Shanaka Sunday, 21 May 2017 11:10 PM

රටකට ගිය කලක්... මේක නිකන් හරියට අර නරියට කුකුල්ලු භාර දුන්නා වගේ දෙයක් වෙයිද දන්නෑ...

:       0       0

Senarath Monday, 22 May 2017 03:07 AM

මෙයා විදේශ ඇමතිකම කළා වගේ සුද්දෝ කියන විදියට මුදල් ඇමතිකමත් කරාවි. දැනටත් මුදල් ඇමති කරන්නේ මිනිස්සු පාරට බැහැල විරෝධතා දක්කුවාම , සුළු ගණනකින් කොත්තමල්ලි , වගේ බඩුමිල අඩුකරන එකනේ. එහෙම නැතුව රටේ නිෂ්පාදකයාට දිරිදීමක් වෙන විදියට, දුප්පතාට සහනයක් ලැබෙන විදියට අයවැය යෝජනා ඇතුලත් කරන එක නෙමෙයිනෙ. මෙයාල බලන්නේ කාර් සේල්කාරයන්ට ගතමනාවක් ලැබෙන විදියට බද්ධ වෙනස් කරල ඔවුන්ගෙන් ගතමනාවක් ගන්න එකනේ

:       0       0

piyal Monday, 22 May 2017 03:39 AM

ඩයස් දවල් හීන දකිනවා. යහපාලනය කර උඩ තියන් ඉන්නවා වගෙයි. පෙනෙන්නේ....

:       0       0

Sena Monday, 22 May 2017 04:04 AM

සුදුසුකම් කොහොම වුණත් මංගල මහත්තයා කියන්නේ හොරකම් නොකරන ඇමති කෙනෙක්...

:       0       0

Deepal Nirosh Monday, 22 May 2017 08:51 AM

ෙආසියාවෙ හොඳම මුදල් ඇමති ලංකාවට එපාවෙලා ද?

:       0       0

saman Monday, 22 May 2017 02:59 PM

සුදුසුකම් ඇතුව මුදල් ඇමතිකම කළේ කිහිප දෙනයි.... ඇමති ඉන්නෙ ප්‍රතිපත්ති තීරණ ගන්න,... ඉතුරු ටික කරන්නෙ ලේකම් ඇතුලු අයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1179 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1179 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site