හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා මහතා විසින් සිදු කරන ලදැයි සැලකෙන දුෂණ වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට බ්‍රසීල අධිකරණය විසින් වසර නවයහමාරක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ.
ඩොලර් දසලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීම හේතුවෙන් ඔහුට එම දඬුවම නියම වී ඇත. මෙම අල්ලස ඔහු ලබාගෙන ඇත්තේ නිවාඩු නිකේතනයක් නවීකරණය කිරීම සම්බන්ධයෙනි.
මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එතෙක් ඔහු බන්ධනාගාරගත නොකරන බව ප්‍රකාශ වී ඇත.
ලුලා ද සිල්වා මහතා මීළඟ බ්‍රසීල ජනපතිවරණය සඳහා සුදානම් වෙමින් සිටින බව ද පැවසේ. ඔහු අනෙක් අපේක්ෂකයන් අතර ඉදිරියෙන් සිටින බව විචාරකයෝ පවසති.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
COMMENTS
ලුලා නැති වලට කනයා පණ්ඩිතයා
නීතිය සැමට සමානව ඉටු කරන රටක් හැටියට බ්‍රසීලය හොඳ උදාහරණයක් මගින්ම පෙන්වාදී තිබෙනවා ! ඒ අය "කටින් බතල හිටවන්නේ නැතිව" ක්‍රියාවෙන් එය මනාව ඔප්පු කර තිබෙනවා. හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා ඩොලර් දසලක්ෂයකට අධික අල්ලස් ලබාගෙන වසර නවයහමාරක සිරදඬුවම් උරුම කර ගත්තා ! ඒක මහා සයුරෙන් ගත් ජල බිඳක් වගෙයි !
අනේ අපේ රටෙත් බ්‍රසීලයේ වගේ නීතිය ක්‍රියාත්මක වෙනවානම්
ලූලා වලේ කනයා ගොඩ.
බ්‍රසීලයේ එහෙම වුනාට ලංකාවේ එහෙම නැහැ.
මේත් කොමිනිස්කාරයෙක්. දුප්පත් මිනිසුන් උසිගන්වල බලයට ඇවිත් බලය ලැබුනහම ලංකාවේ වගේම මහජන දේපල සොරකම් කරනවා.
ලංකාවෙත් ඔය ක්‍රමයමයි තියෙන්නේ.
මහජන මුදල් කොල්ලකාපු ලෝකයේ ගොඩක් රාජ්‍ය නායකයෝ දඬුවම් වින්දා. කෛරාටික කම නිසාම සමහරු ඉන් බේරුනත් ඒ අයට ස්වභාවධර්මය උන්මත්තකයන් සේ වෛරය වපුරවමින් ජීවත් වෙන්න සලසලා තිබෙනවා.
ලංකාවෙත් මේවගේ නිතිය ක්‍රියාත්මක වෙනවනම් මේ රටේ ජනතාව කොතරම් වාසනාවන්තද!
බ්‍රසීලයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
කොහොමත් ඇත්ත හොරුන්ට මිනීමරුවන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ, ලුලාට, ආජන්ටිනාවේ හිටපු ජනාධිපතිනියට ඉදිරිපත් කළ චෝදනා නීත්‍යානුකුලව ඔප්පු කිරීම සම්බන්දව ගැටළු තියෙනවා, ලතින් ඇමරිකාවේ ඇමරිකන් ගැති දක්ෂිණාශක පක්ෂ විවිධ කුමන්ත්‍රණ හරහා බලයට පත්ව අධිරාජ්‍යවිරෝධි ප්‍රගතිශීලි නායකයන් දඩයම් කරමින් ඉන්නවා, හෙට මදුරෝ ජනාධිපතිවරයාට අදාළවද එසේ විය හැක.
බ්‍රසීලයේ කොහෙද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ රට පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ. ඒ අයගේ සල්ලිත් එක්ක හැප්පෙන්න කාටවත් බෑ. හමුදාවේ 30000 ක බල ඇණියක් යොදවලත් සමහර ප්‍රාන්තවල ජාවාරම්කාරයො අල්ලන්න බැරි වුනා. පොඩ්ඩක් ලෝකය ගැන කියවල බලන්න මහත්වරුණි.
ලංකාවේ මෙහෙම නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. අඩු ගානේ පාරේ යනකොට මාර්ග නීති උල්ලංගනය කරලා පොලිස්සිය නීතිය ක්‍රියාත්මක කරනකොට අරෙහෙට මෙහෙට කෝල් කරලා බේරෙන්න හදනවා. එහෙම නැත්නම් ඔලුව කසලා බේරෙන්න හදනවා. ජනතාවගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ
ලංකාවේ නීතිය මගින් කිසිදාක හොරු අහුවෙන්නේ නැහැ. හොරුන්ගේම කටින් කියමින් යන්නේ " කෝ ,හොරු ඇල්ලුවද? අපි අභියෝග කරනවා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා". එහෙම රටක නීතිය... ගැන කුමන බලාපොරොත්තුවක්ද?
මේවා ඔක්කොම දේශපාලන පළිගැනීම්...
ලංකාවෙත් මේ වගේ පවුල් පිටින් වැරදිවලට රජගෙදර බෝඩිමට යවන්න ඕනේ...