IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු පොලිස්පතිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගනී

තරිඳු ජයවර්ධන
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පානදුර පිහිටි හිටපු පොලිස්පතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශය ලබා ගත් බව එම ආරංචි මාර්ග පවසයි.
 
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමෙන් පසු හිටපු ආරක්ෂක ප්‍රධානීන් අතර සිදුවීයැයි කියන පණිවිඩ හුවමාරුව ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගෙන් ප්‍රකාශ ලබා ගත්තේ එම දුරකතන පණිවුඩ හුවමාරුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
 
කීත් නොයාර් මහතා පැහැර ගත් දින රාත්‍රී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ හිටපු පොලිස්පතිවරයා අතර දුරකතන පණිවුඩ හුවමාරුවක් සිදුවී ඇතැයි ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යනු ලැබුවේ 2008 මැයි 22 වැනි දා ය.



අදහස් (0)

හිටපු පොලිස්පතිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site