( ශාන්ත ප්‍රදීප් සහ සෝ විජේවර්ධන)
මහරගම නගර සභාවට පිට පළාත්වලින් බයිසිකලය සලකුණ යටතේ තේරීපත් වුණ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්, ඉකුත් මාස තුන තුළදී නගර සභාවෙන් ගෙවන දීමනාව ලබාගෙන ගෙදර යනවා මිස මහරගම ජනතාවට කිසිදු සේවයක් කර නැතැයි හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසීමෙන් අනතුරුව සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
මේ හේතුවෙන් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු නැගිට යාමෙන් සභාව තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.
සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) මහරගම නගර සභාව පැවැත්විණි.
ඉකුත් 07 වැනිදා පැවැති සභාවාරය සඳහා දැනුම් දීමකින් තොරව පාලක පක්ෂයෙන් පුරප්පාඩු වු නියෝජිතයින් වෙනුවෙන් බාහිර කාන්තාවන් හය දෙනකු පත් කර එවීමෙන් ඇති වු තත්ත්වයට විරෝධය පළ කරමින් විරෝධතා පුවරු රැගෙන මන්ත්‍රීවරු විරෝධතාවකද නියැලුණහ.



COMMENTS
මහරගම බුද්ධිමත් ජනතාවගේ තීන්දුවට අපහාස කරන්න මොහු කවුද? මහරගම ජනතාව තීන්දු කරලා තියනවා තමන්ගේ නගරය පාලනය කරන්න සුදුසුකම් ඇති පුද්ගලයෝ මහරගම නගර සභාවේ නැහැ කියලා. ඒනිසා රට පුරාම පීරලා සුදුසුකම් ඇති අපේක්ෂකයෝ ටිකක් හොයාගෙන ඡන්දයට ඉදිරිපත් කරවලා, දිනවලා ඔය තනතුරුවලට පත් කරලා තියෙන්නේ. මේ අය මේ සැරේ අසාර්ථක වුනොත් ලබන සැරේ තමිල්නාඩුවෙන් හරි කට්ටිය ගෙනැල්ලා නගර සභාවට පත්කර ගනිවී මගේ හිතේ....
හිටපු නගරාධිපතිනිය කරපු සේවාව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?