(නිමල කොඩිතුවක්කු)      

  

හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතා  තුන්කල් දුටු නායකයකු බවත් ඒ මහතාගේ චරිතයෙන් අද දේශපාළඥයන්ට ඉගෙනීමට බොහෝ දේ ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (17) පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙම උත්සවය ජාතික සේවක සංගමය විසින් සංවිධානය කර තිබිණි.

හිටපු ජනාධිපති ජේ. ආර්  ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම  වෙනුවෙන් ඒ මහතාගේ ගුණ සමරමින් පැවති මෙම උත්සවයේදී ජාතික සේවක සංගම් කාර්යාලයේ පිහිටි ඒ මහතාගේ පිළිරුවකට මහලේකම්වරයා විසින් පුෂ්පෝපහාර දක්වන ලදී.

ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  සිරිනාල් ද මෙල්, ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එහිදී ජේ. ආර්  ජයවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි