
(අංජුල මහික වීරරත්න)
ලංකාවට ආපු ගල් අඟුරු නැව් 19 ම ෆේල් නමුත් ඒවාට එක නඩුවක් වත් තිබෙනවා දැයි පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පැවසීය.
ඊට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි 13 ක් සහ රහස් පොලිසියට පැමිණිලි 10 ක් දමා තිබුනත් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ කවුරුදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඩී.වී චානක මහතා මේ බව කීවේ කළුතරදී පැවති "යුක්තිය වෙනුවෙන් නැගිටිමු" විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක රැස්වීමට එක්වෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී චානක මහතා:-
එතකොට ජයකොඩි ඉන්නේ නීතියට උඩින්. අනුර කුමාර දිසානායක ඉන්නේ නීතියට උඩින්. මාලිමාව ඉන්නේ නීතියට උඩින්. එතකොට කොහෙද යුක්තිය?
ජනතාව රවට්ටපු ආණ්ඩුව අද විශාල වශයෙන් දූෂණය, වංචාව කරගෙන යනවා. දැන් තියෙන නඩු ගැන කථා කළා. කොහොමද මේ නඩු දාලා තියෙන්නේ.
වැඩිපුර අවධානය යොමු කරන්නේ ආණ්ඩුවට නඩු වැටෙන්නේ නැත්තේ ඇයි කියලා. නීතිය ස්වාධීනයි කියන්නේ විපක්ෂයට නඩු දාන එක නෙවෙයිනේ. යුක්තිය කියන්නේ විපක්ෂයටත් නඩු වැටෙන්න ඕන, ආණ්ඩුව වැරැද්දක් කරනවා නම් ආණ්ඩුවටත් නඩු වැටෙන්න ඕන. එහෙම නැත්නම් විපක්ෂය වැරැද්දක් නොකර නඩු වැටෙන්නයි, ආණ්ඩුවේ වැරැද්දකට නඩු වැටෙන්නේ නැත්නම් එතන තියෙනවාද යුක්තියක්? එතන යුක්තියක් නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd