
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල අන්තර්ගතය පිළිබඳ මාධ්‍යයට අදහස් පළකළ නොහැකි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළේය.
මෙරට සුවිශේෂී ආර්ථික කලාපයේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකා 20 ට සැපයුම් හා ඉන්ධන ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දීමක් සිදු කළාදැයි අප පුවත්පත මෙරට තානාපති කාර්යාලයෙන් කළ වීමසිමකට පිළිතුරු දෙමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම අදහස් පළ කළේය.
ඇමෙරිකානු සම්බාධක සහ එම සම්බාධකවලට යටත් කර ඇති නෞකා පිළිබඳ තොරතුරු ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාල හරහා මහජනතාවට ලබාගත හැකි බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවැසුවේය. කෙසේ වෙතත් සම්බාධක පනවා ඇති ඉරාන නෞකා සිදුකරන බොරතෙල් වෙළෙඳාම අවහිර කිරීමට හවුල්කරුවන් සමග එකතු වී කටයුතු කරන බවත් හවුල්කරුවන් ඒ පිළිබඳව දැනුවත් කරන බවත් එම කාර්යාලය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නැව් නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ අනෙකුත් සේවා සපයන සමාගම් සම්බාධක පනවා ඇති නෞකාවලට “දැනුවත්ව හෝ නොදැනුවත්ව” සහාය ලබාදීමෙන් ඇමෙරිකානු සම්බාධකවලට ලක්වීමේ අවදානම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පසුගියදා තෙදින වැඩමුළුවක් පැවැත්වූ බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවැසුවේය.
එයට මෙරට නිලධාරීන් 40 කට වැඩි පිරිසක් සහභාගී කරවා ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd