(නිමන්ති රණසිංහ)
සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩු 5ට අදාළ වැඩිදුර නඩු විභාගය ලබන ජූලි 21 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (26) නියෝග කළේය.
මෙම නඩු සම්බන්ධයෙන් ඇප මත සිටින හිටපු අමාත්‍යවරයා අද (26) අධිකරණය හමුවේ පෙනී සිටි අතර, මෙම නඩු විභාගයේ දෙවැනි සාක්ෂිකරු වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චන්දිමා වික‍්‍රමසිංහ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා දෙනු ලැබුවාය.
රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. වසර 5කට අදාලව වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධනේ අල්ලස් කොමිසම මගින් චූදිතට එරෙහිව පවරා තිබූ අල්ලස් නඩු 5ට අදාළව එක් නඩුවකට රුපියල් 10,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප වශයෙන් නියම කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා චූදිතගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ප්‍රභූවරයෙක් සම්බන්ධ චෝදනාවද?
ඔහු ඉතාමත් අවංක දේශපාලකයෙකි. එ්නිසා හිරිහැර නොකරන්න. අප රටට අවශ්‍ය එවැනි උගත් විනීත නායකයෝය. මිනිසාට සේවයක් කල නායකයෙකුට ලැබෙන සැලකිලිද මේ දෙවියනේ! ලබන වතාවේදී ඔහුව අගමැති කරමු - ජයවේවා !!!
සදහටම කල් දාපුවාම වැඩේ හරි යයි !!!