මනෝප්‍රිය ගුණසේකර

 
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 6 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද තීරණය කළේය.

එම නඩුවේ මූලික පැමිණිල්ල සහ එයට අදාළ ලේඛන විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස විනිසුරුවරියා නීතිපති වරයාට නියම කළේය.