(සිරාජ් හසීම්)
යෝජිත නව ව්‍යවස්ථාව තුළින් සුළු ජන කොට්ඨාස නියෝජනය වන උප ජනාධිපති ධූරයක් පිහිටුවිය යුතු යැයි දෙමළ ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ සුළු දේශපාලන පක්ෂ හතරක් විසින් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
දෙමළ ප්‍රගතශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී පක්ෂය එක්ව මෙකී යෝජනාව ඉදිරිපත් කළ බව දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක රාජ්‍ය භාෂා ජාතික සංවාද හා සහජීවන අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
මෙම යෝජනාව නව ව්‍යවස්ථාවට ඇතුළත් කර ගැනීම තුළින් සුළු ජනතාවට සිය අර්බුද ඍජුව ප්‍රකාශ කළ හැකි බවත් මෙ තුළින් සුළු ජන නායකයින්ටද ජනතා ගැටළු වලින් මිදී යා නොහැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
මෙරට වෙසෙන දෙමළ මුස්ලිම් ජනතාවගේ අර්බුද වලට දේශපාලන වශයෙන් විසදුම් ලබාගැනීමට මෙම උප ජනාධිපති ධූරයක් ඇතිකරලීම වැදගත් බවත් පාර්ලිමේන්තු ධූර කාලය සැලකිල්ලට ගනිමින් මෙකී උප ජනාධිපති ධූරය සුළු ජන කොට්ඨාස කාලයෙන් කාලයට බෙදාගනිමින් දැරිය හැකි වන ආකාරයට නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කර සිටියේය.
COMMENTS
උප ජනාධිපතිතුමා පත්කරපු ගමන් සුළුජන ප්‍රශ්න විසඳේද? ඔය කියන පක්ෂවලට කොපමණ ජනපදනමක් තිබේද?
ලංකාවේ වැඩියෙන්ම අර්බුද වලට මුහුණ දෙන සුළු ජන කොට්ටාශය ආදිවාසී වැදී ජනතාවයි .උප ජනපතිකමක් ඕනෑම නම් වැදී නායකයා පත් කරන්න.
225 ම ජනාධිපති වරු කරලා, ඒත් මදිනම් කෝටි දෙකම උප ජනාධිපතිවරුන් කලානම් තවත් සතුටු වෙයි. ඔක්කෝම රජවරු, ඔක්කෝම උපරජවරු... අනේකාලේ වනේ වාසේ ඔච්චරයි අඩු මහත්තයෝ
පළාත් සභාවයි මහා ඇමතිකමුයි දීලා මදිවාට තවත් පිළිකාවක් දාගන්න හදන්නේ.
සිංහල ජාතියටත් මොකක් හරි ඕනේ.
ඔව්, උප ජනාධිපතිතුමාගෙන් පටන් ගෙන ඉදිරියට යන කොට ජාත්‍යන්තර සහයෝගයෙන් ඉතිරි වැඩ කර ගන්න පුළුවන් නිසා ඉල්ලන ඒවා අමාරුවක් ගන් නැතිව දුන්නා නම් මොකද?
ලෝකයේ කිසිම රටක ජාතිකත්වය අනුව රටේ නායක තනතුරු හෝ වෙනත් වැදගත් තනතුරු ලබා දීමක් සිදු කෙරෙන්නේ නෑ. ජනතාවට අවශ්‍ය නම් සුළු ජාතිකයෙක් විධායක ජනාධිපතිකමට හෝ පත් කිරීමට හැකියි. මෙවැනි ජාතිවාදී, වර්ගවාදී මුග්ධ ව්‍යවස්ථා යෝජනා පැරදවීමට අප සියලුදෙනා පෙළ ගැසිය යුතුයි.
සුළු ජනයා කවුද ?
එඩිතර පාලකයෙක් හිටිය නම් මේ ඉල්ලීම් ඉල්ලයිද
මේ යහපාලන ගොල්ලොනම් එකත් දීලම තමයි නවතින්නේ
මේ රටේ මිනිස්සු කෙලින්නෙම පිස්සු
ඉහල තනතුරු හැදුවම පත් කරන අය සුළු ජාතින් විකුණා ගෙන රටේ හැම ආගමකම ඉන්න අන්තවාදීන්ට උඩගෙඩි දීගෙන යහමින් ඉදි
2014 ඔබ සෙවූ වෙනස යි මේ ඔබට දකින්න ලැබෙන්නේ,හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට . සෑම්" කිවා වගේ අගමැති කමයි ,ජනාදිපති කමයි දෙකම දියයුත්තේ වැදී නායක තුමාටයි
අපේ රට නැවත යුද්දයකට අදින්නාද මුන් හදන්නේ .ජාතියකට ජනධිපතිගානේ ඉන්න . මේක සිංහල රටක් . අනික දෙමල අමතිලගෙන් අහන්නේ උඔලට තමන්ගේ ජාතියට ලේ ටිකක් දෙන්න බැ කුලවල් හොයනවා . අපේ හමුදා කොල්ලො කෙල්ලෝ ලේ දෙනවා දකුණේ කෑම්ප් වලින් ගිහින් ලජ්ජයි හලෝ
අනේ ඇත්තට මේ මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද ? හැම වෙලාවෙම රටේ ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් මයි කරන්න හදන්නේ . තමන්ගේ බලය රැක ගන්න . රට දියුණු කරන අවංක වැඩ පිළිවලක් ඔය එකෙකුටවත් හිතෙන්නේ නැති එක තමා කරුමේ කියන්නේ .
මේ කුඩා රටට තව තවත් දේශපාලන තනතුරු අනවශ්‍ය , උප ජනාධිපති කමක් හැදුවොත් ඔහුට කාර්යාල , ආරක්ෂකයන් , වාහන , නිල නිවාස , වැනි දේවල් වලට අඩුම ගණනේ රටේ බදුගෙවන ජනතාවට මාසෙකට රුපියල් කොටි 10 කවත් බරක් දරන්න වේවි , දෙමල ජාතිකයන්ට ඕක දුන්නොත් මුස්ලිම් අයත් ඉල්ලාවී , ඊට පස්සේ ක්‍රිස්තියානි , මැලේ , අන්තිමට කැලේ ඉන්න වැද්දොත් උප ජනාධිපති කමක් ඉල්ලාවී , තිබෙන පළාත් සභාත් රටට බරක් ,
මම හිතන්නේ නෙහෙ මේකෙන් ඔය ප්‍රශ්න වලට විසඳුමක් ලෙබෙයි කියල. එත් ඒ ඉල්ලීමේ ඔය කියන තරම් වරදක් මට නම් පෙන්නේ නෙහෙ. බලන්න ඉනදියව එහෙ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මුස්ලිම් ජාතිකයෙක්, හිටපු අගමැති සික් ජාතිකයෙක්. එතකොට ඒ ගොල්ලන්ට හිතන්න බෑ ලංකාව ඇර වෙනරටක් ඕනේ කියන්න නමට උප ජනාධිපති ඒ ගොල්ලන්ගේ. ඕක වගේම තම අපේ ජාතික කොඩිය හැම ජන කොටසකටම නියෝජනයක් තියෙනවා එක නරකද?
මේ ගොල්ලන්ට පිස්සුද කොහෙද. අපිට ඕනේ සිංහල ජනාදිපති කෙනෙක් එහෙනම්. මොකද මේ ඉන්න එවුන් කරන්නෙම සිංහලයන්ට කරදර කරන එකමනේ.
අනවශ්‍ය වැඩක්!
නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය ගැන කතා කරන්නවුන් සිරගෙට යැවීමට කටයුතු කරන යහ පාලුවන්ට සුළු ජාතින් වෙනුවෙන් උප ජනාදිපතිකම ඉල්ලන මේගොල්ලන් අත් අඩංගුවට ගැනීමට තරම් පිට කොන්දක නැත්තේ දේසපාලන බල පෙරේත කම නිසාද ? අද බලයේ සිටින ,දෙසපාලනයේ දී සිටින හින්ගලයන්ගේ අනාගත පරපුරට හෝ පාර්ලිමේන්තු යාමට සිංහල ජාතිය ඉතිරිවිය යුතු බව මේ අමන සිංහල කියන බඩගොස්තරවදින්ට නොවැටහීම සිහලයාගේ කරුමයකි.
සුළු ජන කොටස් වශයෙන් නම්කරන්නේ අපේ ව්‍යවස්තාවෙන්. එසේ ලිය පදිංචි කිරීමක් නැතිනම් සුළු ජන කොටසක් නැත. ජාතිකයා වනුයේ රටක පුරවැසියාටය. ප්‍රංශ ජාතිකයා යනු ප්‍රංශ රටේ පුරවැසියාය. එම නිසා අපි ශ්‍රී ලංකික ජාතිකයින් වෙමු.
ලෝකයේ කිසිම රටක ජාතිකත්වය අනුව රටේ නායක තනතුරු හෝ වෙනත් වැදගත් තනතුරු ලබා දීමක් සිදු කෙරෙන්නේ නෑ. ජනතාවට අවශ්‍ය නම් සුළු ජාතිකයෙක් විධායක ජනාධිපතිකමට හෝ පත් කිරීමට හැකියි.
තමන්ට බලය ගන්න බලයේ සිටින්න දරන වෑයම . තමන්ගේ ජාතිය නැවත යුද්දෙකට වුවත් තල්ලු කරයි බලයට කෑදර නිසා. රටේ ජනතාවට වැඩ කරන්න තනතුරු නෙමෙයි අවශ්‍ය . ආයතන තමයි අවශ්‍ය වෙන්නේ
ගොටාභයට විරුද්ධව ඉහත දැන්වීම් වල අදහස් පල කරන එක්කෙනෙක්වත් මේ දැන්වීමට අදහස් පල කරලා නැහැනේ. කෝ මේ කට්ටිය?
දේශපාලන තනතුරු වලින් පසුගිය වසර 67ක් තිස්සේ ශ්‍රී ලංකාවට යහපතක් සිදුවී නොමැත. තව දුරටත් මේ රටට දේශපාලන පක්ෂ සහ දේශපාලන තනතුරු වලින් ප්‍රයෝජනයක් නොමැති බව බුද්ධිමත් සියලු දෙනාට වැටහී හමාරය. අවශ්‍ය වන්නේ උගත්, බුද්ධිමත්, ශක්තිමත්, දූරදර්ශී නායකයෙක් සහ නව තාක්ෂනය සහිත පරිපාලන සහ කළමනාකරණ පද්ධතියක් පමණි. නොබියව, අපක්ෂපාතීව සමාජයේ සහ රාජ්‍ය සේවයේ විශාල පරිවර්තනයක් සිදුකල හැකි ඍජු තීරණ ගත හැකි නායකත්වයක් තුලින් අප රටට විශාල සංවර්ධනයක් ළඟ කරගත හැකිය. මේ සඳහා, දේශීය සංස්කෘතිය සහ සාරධර්ම වලට ගැලපෙන, හැදියාව මුලික කරගත් සමාජ වටිනාකම් වලින් යුත්, නව නිපැයුම්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, කෘෂිකර්මය, දේශීය සහ විදේශීය තාක්ෂනය, දැනුම සහ හැකියාවන් කේන්ද්‍රීය රැකියා ඉලක්කගත; අධ්‍යාපන ක්‍රමයක් වහාම ස්ථාපනය කිරීම කල යතුය.
මෙන්න මේ වගේ විකාර යෝජනා ඉදිරිපත් වෙන නිසා තමයි මේ අවස්ථාවේ නව ව්‍යවස්ථා පිළිබඳ මාතෘකාව අත්හළ යුත්තේ. දැනටත් ඉන්න මැති ඇමති මන්ත්‍රී ප්‍රමාණය වැඩියි. තවත් තවත් තනතුරු ඇතිකිරීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නැහැ. අනෙක රටකට සිටිය යුත්තේ එක් රාජ්‍ය නායකයායි.
එහෙම වුනොත් රට ඉවරයි
ලංකාවට අඩු ඒක විතරයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා වගේ මේ රටේ සුළු ජාතින් කියලා කොටසක් නැහැ. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් පමණි. මිලියන 23ක් වගේ ඉතාම කුඩා ජනගහනයක් සිටින අපේ රටට මේ සමයං වැඩක් නැහැ. රටට එක නායකයෙක් සිටියා නම් හොඳටම ඇති. ඇමැති මණ්ඩලයත් 25 ට අඩු කල යුතුයි. බැරි අය ඉන්නවා නම් ඒ අයට උදව් කරන , නෑදෑයෝ එහෙම ඉන්න රටකට යන එකයි ඇත්තේ. මේක සිංහල බහුතරයක් ඉන්න රට. සිංහලයාගේ හිත හොඳ නිසා හැම කෙනෙකුටම මේකේ වැටිලා ඉන්න ඉඩ දුන්නට, සිංහලයට එහෙම ඉන්න තැනක් හෝ දෙන්න කෙනෙක් නැහැ. පුළුවන් නම් සහයෝගයෙන්, සහජීවනයෙන්, අනුන්ට කඩේ යන්නේ නැතිව ඉන්න එකය් ඇත්තේ....
ලෝකේ කිසිම රටක සුළු ජාතිකයන් ඉල්ලන්නේ නැති දේවල් අපේ රටට අවශ්‍ය නැහැ කියන එක තමා මගේ අදහස .
ලංකාවේ ආදිවාසීන්ගේ නායක තුමාට දේශපාලන නායකත්වය දෙන්න. දෙමළ අයට කලින් එයාලගේ ප්‍රශ්න විසඳලා දීම වැදගත් . කොහොමත් උප ජනාදිපති කෙනෙක් නම් එපා. මන්ත්‍රී ගණන 50 කටත් ඇමති ගණන 20 අඩුවෙනුත් හදන්න. අපට තියෙන ව්‍යවස්ථාව හොඳටම ඇති. යහපාලන බොරුව නවත්වන්න කලේ ඇවිල්ල දැන්.