(බිඟුන් මේනක ගමගේ )
උතුරු හා නැගෙනහිර දෙපළාත්වල සිංහල ජනපදකරණයක් සිදුකරන බවට දෙමළ දේශපාලකයන් නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් මහවැලි අමාත්‍යංශය මගින් සිදු කෙරෙන ජල කළමනාකරණ ව්‍යාපෘති ගැන දුර්මත නිර්මාණය කිරීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවත් මහවැලි රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.
වැරැදි තොරතුරු මත විරෝධතාවලට නොයා මෙම වැඩපිළිවෙල ගැන දැනුම්වත් වන්නැයි එම දෙපළාතේ දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටින බව කී හෙතෙම ඕනෑම අයෙකුට පැමිණ තමා හමු වී ඊට අදාළ සැලසුම් ගැන ඇත්ත දැනගත හැකි බව ද කීය.
මහවැලි කලාපවල නියඟයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීමට අමාත්‍යංශය මේ දිනවල ප්‍රමුඛතාවය දී ඇති නමුත් එකදු සිංහල පවුලක් හෝ පදිංචි කිරීමට අමාත්‍යංශයට වුවමනාවක් නැති බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.
ගොවි බිම් සංවර්ධනය ජාතිවාදී වුවමනා ඉටු වන පරිදි දියත් කිරීමේ පටු දේශපාලන ව්‍යාපෘතිවලට මහවැලි අමාත්‍යංශය අත නොගසන බවත් වියලි කලාපයේ පදනම වූ ජල සම්පාදනය එහි මූලික අරමුණ බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයාට ලංකාවේ උතුරු නැගෙනහිර තහනම්ද? දෙමල මුස්ලිම් අයට විතරද මුළු ලංකාවේම ඉන්න පුළුවන්
පුදුම වැඩක්නෙ මේක
යහපාලනයනේ...
එතකොට එවුන්ට විතරද පුලුවන්....