ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
සිංහරාජ වනයේ වෙසෙන වන අලින් දෙදෙනා එම කැලයේම ස්ථානයකට කොටුකර උන්ට අවශ්‍ය කෑම බීම සියල්ල වන ජීවී අමාත්‍යාංශයෙන් දීමට පියවර ගෙන ඇතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා ඒ බව පැවසීය.
විමල් වීරවංශ මහතා
ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා විද්‍යාත්මක පදනමක් යටතේ ඔබටත් ඇමතිවරයාටත් වනජීවී අමාත්‍යංශය බාර දීම ගැන.මගේ ප්‍රශ්නය ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නිසා සිංහරාජ වනයේ අලිටික රැගෙන යන්න ඔබතුමාලාට බැරි වුණා.දැන් ඒ අලි දෙන්නා ගෙනියනවද සිංහරාජය තුළ ඉන්න දෙනවද?
නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා
මේ අලි දෙන්නට අවුරුදු 10යක ආයු කාලයක් තියෙනවා. මුලින්ම ගමම අලි දෙන්නා ගෙනයනවාට විරුද්ධ වුණා.නමුත් දැන් එක පයින් කියා සිටිනවා අලි දෙන්නා අරන් යන්න කියලා. ගමේ අයට ලොකු පීඩනයක් තියෙන නිසා හොරව්පතානට ගෙනියන්න හැඳුවා.
අපට මේ ඇමතිකම විද්‍යාත්මකව දීලා තියෙනවා කියලා ඔබතුමා කිව්වා. ඕකේ පොඩ් අපහාසාත්මක පැත්තකුත් තියෙනවා.ජාන විද්‍යාත්මකව බැලුවත් මේක සතෙකුට දෙන්න ඕන අමාත්‍යංශයක් නොවෙයි යැයිද නියෝජ්‍ය ඇමතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ නිදහසේ ජීවත් වුන සත්තු දෙන්නෙක්ව බලෙන් කොටු කරවලා උන්ට කෑම බීම දීමද වනජීවී එකට කරන්න තියෙන්නේ. නැතුව කැලේ අරක්ගෙන ඉන්න ජාවාරම්කාරයින්ව නීතියෙන් කොටු කරවලා අර සත්තු දෙන්නට උන්ගේ පුරුදු පරිසරය උන්ට දෙන එක නෙවෙයිද.
මට මතක් වෙනවා, අර පින්නවලින් ළදරුවෙකුව මහ රෑ බලෙන් පටවාගෙන ගිහින් ලොක්කගේ දේශපාලන පුජාවල් කරපු අවස්ථාව. ඒක කරන වෙලාවේ කොහෙද හිටියේ? ඒක බාරගත්තු කට්ටියටවත් ලැජ්ජාවක් තිබුනේ නෑ. ඕනකමක් තිබුනේ නෑ, අනේ මේ ළදරුවා අම්මා නැතුව කොහොමද මව්කිරි බොන්නේ? ආපහු ගෙනිහින් දාලා ඕනෑ නම් පස්සේ ගෙනත් දෙන්න කියන්න.
සිංහරාජ වනාන්තරේ ඉන්න අලින්ට පිටින් කෑම දෙන්න ඕනෙද? ජාවාරම්කාරයින්ට රජයේ නවාතැනෙන් ඉඳුම්හිටුම් දුන්නානම් ඉවරනේ.
පන්සල්වල අලින්ටත් හොඳට දානේ ලැබෙනවා නම් දේශපාලන අලින්ට හොඳ ඩ්‍රින්ක් එකක් සමග ඩිනර් එකක් දුන්නම මොකක්ද තියෙන වරද?