IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


සුලි කුණාටුවේ කතාව බොරුවක්

(හර්ෂණ තුෂාර සිල්වා)

අද රාත්‍රී 11.15ට පමණ කුලාල් නම් සුලි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
 
දැනට ගැඹුරු අවපීඩන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එනිදා තද සුළං හැමුවත් එය තවමත්   සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.   එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

 
සමාජ මාධ්‍ය   ඔස්සේ පැතිර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නෙයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනට වර්ධනය වී තිබෙන ගැඹුරු පීඩන අවපාතය නිසා තද සුළං සහ තද වැසි බලාපොරොත්තු විය හැකි බව   කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

මුහුදු බඩ ප්‍රදේශවල පැයට කිලෝමීටර 100 වැඩි වේගයකින් ද ගොඩබිම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 80කට ආසන්න වේගයක සුළං ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 



අදහස් (9)

සුලි කුණාටුවේ කතාව බොරුවක්

ranavi Wednesday, 29 November 2017 05:54 PM

මෙහෙමත් අධමයො ඉන්න රටක්.බොරුවට රටට විපතක් වෙනව කියලත් සතුටු වෙන ජාතියක් නූතන සිංහලය. හරි තොරතුරක් හොයාගෙන ජාතියට දෙන්න තරම්වත් මොලේ නැති හරක්.

:       5       16

sam Wednesday, 29 November 2017 06:34 PM

ලංකාවේ කාලගුණික දෙපාර්තමේතුව හොදයි පොඩි ළමයට. ඔයාලට ඇත්ත දැන ගන්න ඕන නම් USA කාලගුණික අශයක් වෙන JTWC ගොස් ලංකාවේ කාලගුණය බලාගෙන අනතුරු වලින් බේරෙන්න....

:       2       10

sumal Wednesday, 29 November 2017 09:36 PM

කුලාල්ද? හලාල්ද?

:       83       20

ජගත් ලියනගේ Thursday, 30 November 2017 12:34 AM

කඩිනමින් දැනුම් දෙන්නේ කොහොමද ? අපිට මුළු රෑම කරන්ට් තිබුණේ නැහැනෙ .

:       0       0

yama Thursday, 30 November 2017 01:56 AM

දැන් බොරු ඇත්තවෙලා. යකෝ මුන්ට පඩි ගෙවල තියන් ඉන්න එකත් වැඩක් නැහැ.

:       0       53

lanka Thursday, 30 November 2017 03:42 AM

බොරුවක් කියල කියපු එක බොරුවක් වෙලා

:       0       30

jaya Thursday, 30 November 2017 04:35 AM

හරි අද නොවෙම්බෙර් 30 වෙලාව උදේ 10.30. බලමු අද කාලගුනේ රෙදි ඇඳලද කියල

:       0       26

Bamunuarachchi Thursday, 30 November 2017 05:10 AM

"සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි." ඔව් ඔව් අපිත් ඕවට රැවටිලා දැන් කියන කිසිම දෙයක් විලුඹෙන් ඉහලට ගණන් ගන්නේ නැත. රටට වැඩක් කරපු ආණ්ඩුවලටත් විරුද්දව සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කිසිදු සත්‍යතාවක් නැති කතාවල ප්‍රතිඵලය තමයි සුදුවෑන් වල ගමන් බිමන් ලැබීම. ඉතින් ආණ්ඩුවලට දොස්කියලා වැඩක් නැත.

:       1       2

Sathyayaa Saturday, 02 December 2017 09:29 PM

"ඕවට රැවටෙන්න එපා" කියන කතාව එන්න ඕනේ නිලධාරීන්ගෙන් හෝ දේසපාලකයන්ගෙන් නොවෙයි පීඩනයට පත් ජනතාවගෙන්. කොයි ආණ්ඩුවේ වුණත් ඇමතියෙක් කියන්නේ බොහෝ සෙයින් බොරු කාරයෙක්. 2004 වසරේ සුනාමිය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න හා අවදානම් පෙදෙස් වලින් ඉවත් කරන්න (මුල් රළ පහර නැගෙනහිර වෙරළට කඩා වැදුණු පසු) පැය එකහමාරකට වඩා කාලයක් තිබුණත් අප ඒ ගැන එවකට තිබු රජයේ බලවත් ඇමති කෙනෙකුගෙන් විමසු විට ඔහු කියා සිටියේ ජනතාව දැනුවත් කරන්න අවැසි සියලුම පියවරවල් ගත් බවයි. ඊයේ සහ පෙරේදා ලංකාවට සුළි සුළඟකින් හානි සිදුවිය හැකියැයි සමාජ වෙබ් අඩවි මගින් ජනතාව දැනුවත් කරන්න. සාමාන්‍ය ජනතාවගත් උත්සාහය මෝඩ අමාත්‍යවරයෙක් "ඔය බොරුවලට රැවටෙන්න එපා" කියා ජනතාව රැවටෙව්වා. මෝඩයින් සමග එදත්, අදත් දුක් විඳින්නේ මේ වංචනිකයින් මැති සබයට යැවූ සාමාන්‍ය ජනතාවයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 186 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1140 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site