
(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් අද (24) තේරී පත්විය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2021/2022 පාලන කාලය සඳහා සභාපතිවරයා තෝරා පත් කරගැනීමට පැවැති නිලවරණයේදී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් 26 වැනි සභාපතිවරයා වශයෙන් සාලිය පීරිස් මහතා පත්වුණු බව නිලවරණයේ තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා අද රාත්‍රියේ ප්‍රකාශ කළේය.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන් අද පෙරවරු 8 සිට සවස 5 දක්වා කාලය තුළ කොළඹ දිසා අධිකරණ පරිශ්‍රයේ ස්ථාන තුනකදී සහ කොළඹින් පිටස්තර අධිකරණවල පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 82 කදී මෙම ඡන්ද විමසීම පැවත්විණි.
එහිදී සාලිය පීරිස් මහතා ඡන්ද 5093 ක්ද, කුවේර ද සොයිසා මහතා ඡන්ද 2707 ක්ද ලබාගත් අතර මේ අනුව වැඩි ඡන්ද 2386 ක් ලබාගෙන සාලිය පීරිස් මහතා සිය ප්‍රතිවාදියා පරාජය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති නීතීඥ කුවේර ඩී සොයිසා මයාගේ අන්ත පරාජයට වගකිව යුත්තේ ඔහුගේම ආසන්නයේ සිටින වගකීමක් නැති ඔහු හරහා තම පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කර ගැනීමට කැස කැවූ පන්දම් කරුවන් ය.