(බිඟුන් මේනක ගමගේ / තරිඳු ජයවර්ධන)
මහනුවර පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරන ලද ලොව දිගම ඔසරි පොට වැඩසටහන සඳහා කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමයින් 251ක් සහභාගී කරවීම සම්බන්ධව තමාගේ නිරීක්ෂණ හෙට(22) පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ විගණන අංශයට යොමු කරන්නේ යැයි මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ආර්.එම්.ටී.එෆ් රත්නායක මහතා ‘ලංකාදීපය’ට පැවැසීය.
සිදුවීමට අදාළ පාර්ශ්වවලින් අවශ්‍ය තොරතුරු සැපයීමට පමාවීම හේතුවෙන් සිය නිරීක්ෂණ යොමුකිරීම පමා වී යැයි හෙතෙම අවධාරණය කළේය.
අදාළ සිදුවීම නිසා සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන පරිපාලන පැය 1294 ක් නාස්ති වී පාසලේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී යැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ විගණන අංශය පසුගිය ඔක්තෝම්බර් 4 වැනිදා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාට විගණන විමසුමක් යොමුකරමින් අනාවරණය කළේය.
අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ විධි විධානවලට අනුකූල නොවන කටයුත්තක් සඳහා පාසල් ළමුන් සහභාගී වී ඇතැයි ද පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ විශේෂ අවසරයකින් තොරව එය සිදුකර ඇතැයි ද විගණන විමසුමෙහි සඳහන් විය.
විදුහල්පතිවරයාට පිටපතක් සහිතව කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇමතූ අංක සීපීසී / සීඑම්/ 06/01 හා 2017 සැප්තැම්බර් 12 දිනැති ලිපිය මගින් මෙම ළමයින් සම්බන්ධකරගැනීම සඳහා මූලිකවම ඉල්ලීම් කරනු ලැබ තිබුණේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් යැයි ද එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙම ළමයින් සම්බන්ධ කර ගැනීම සඳහා මූලිකවම ඉල්ලීම් කරනු ලැබ තිබුණේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් යැයි ද එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි" ඔය තියෙන්නේ පරීක්ෂණයත්, නිරීක්ෂනයත්, නිගමනයත්.
මේ භාරදුර පරීෂණ වලට වාර්තා සකස් කිරීම්, කියවීම් වලට බොහෝම කල් ගත වෙනවා. ලේසි පාසු වැඩ නොවෙයිනේ. එක හින්ද මේකේ ෆෛනල් රිසල්ට් එක මහා භද්‍ර කල්පේ අවසානයේදී විතර බලාපොරොත්තු වෙන්න පුළුවනි.
මධ්‍යම පළාත් සභා මහ ඇමතිවරයාගේ ඉල්ලීම සහ අනුග්‍රහය යටතේ සිදුවුණ සිද්ධිය පහළ තැනකින් ගලා බසීයි. එච්චරයි ඕන් කීවා.
මේක යකඩෝ සාරි පොට තරම්ම දික් ගැස්සේනවනේ..... ???
නව යුවල මුත්තා මිත්තනිය වෙන තුරුම මේ නඩුව ගෙන යාවි.