
(සුජිත් හේවාජුලිගේ )
සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ හෙට (1) අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල 96ක් මේ යටතේ පරීක්ෂණයට ලක් කෙරෙන බව පැවසූ ජීවන්දර මහතා එම පරීක්ෂණවල ප්‍රතිඵල සතියක් ඇතුළතදී ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
එම සාම්පල 96 අද පස්වරුව වන විට සූදානම් කර තිබිණ.
සැර කොරෝනා වයිරස ප්‍රභේද සොයා ගැනීමේ පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම කරන ලදී.ලෝකයේ විවිධ රට වල ව්‍යාප්ත ව ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේද පහක් සොයා ගැනුණේ ද එම පරීක්ෂණවලදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයා ගත්තාට කමක් නෑ. හැබැයි බබාලන්තේ අයට තේරෙන්න ඉක්මණට කියන්න. නැත්නම් තව පොකුරු ටිකක් හැදුණාම කියයි දැන් තමයි කිව්වේ කියලා. දැක්කනේ අප්‍රේල් හොයාගෙන මැයි තමයි කිව්වේ කියලා කිව්වේ..
කොරෝනා කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒ හින්දා රටේ අනාගතය ගැන මොනවා හරි හොයන්න.
වියට්නාම් එකත් එනකන් ඉඳලාම තව ටික දවසකින් බලමු නේද මහත්තයෝ? තව සංචාරකයෝත් ගෙන්නනවලු... ගුවන් තොටුපොල අරිනවලු. ඕක හෙට කලොත් අලුත් ඒවා අහුවෙන්නේ නෑනේ...
දැන් ඉතින් කොරෝනා අැර වෙන මුකුත්ම නැහැ. බොරුවට කාලයයි, අපේ සල්ලි කන්නේ නැතිව පාඩුවේ ඉන්න.