IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


‘සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනය‘ට රහස් කැබිනට් පත්‍රිකාවක්

(රේඛා තරංගනී ෆොන්සේකා )


1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සංශෝධන කිරිම මුවාවෙන් රජය තමන් සමග කටයුතු නොකරන සිවිල් සංවිධාන මර්ධනය සදහා පනත් කෙටුම්පතක් හරහා උත්සහ දරමින් සිටින බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

පසුගිය දා හොර රහසේ කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති ‘සමාජ සේවා පනත‘ සංශෝධනය සදහා වන කෙටුම්පත ‘සිවිල් සංවිධාන රාජ්‍යයේ අවශ්‍යතාව මත මෙහෙයවීම සදහා ද, රජය විවේචනය කරන සංවිධාන මර්ධනය සදහා ද සැකසූ මර්ධනාකාරී  ලියවිල්ලකි.  

යෝජිත සංශෝධන මගින් ස්වේච්ජා සමාජ සේවා සංවිධාන පනතේ මුලික ව්‍යුහය හා ව්‍යවහාරයන් සම්පූර්ණයෙන්ම අත්තනෝමතික වෙනසකට ලක් කොට ඇත.  ජනපති, අගමැති, අමාත්‍යවරුන් ගේ අවශ්‍යතාවන් ඉටු නොකරන සිවිල් සංවිධාන අකර්මන්‍ය කිරීම මෙම පනත් සංශෝධනයේ සැළසුම වී ඇත.

යම් පනතකට සංශෝධනයක් ඉදිරිපත් වන්නේ නම් එහි මුලික හරය විනාශ නොවිය යුතු නමුත්, යෝජිත සංශෝධන මගින් රජයේ අනුග්‍ර‍හයක් නොමැති කිසිදු සංවිධානයකට සිය කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් නිර්මාණය වේ.  

කිසිදු ව්‍යවස්ථාමය හෝ නෛතික පදනමක් නොමැති ‘රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය‘ ට නෛතික පදනමක් ලබා දී, අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු හරහා සිවිල් සංවිධාන පාලනය කිරීමට රජයට අවස්ථාව ලැබේ.

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් එක් දේශපාලන පක්ෂයකට හිතවත් නාමික සිවිල් සංවිධාන කිහිපයක් හා එක්ව මෙම මර්ධනකාරී පනත් සංශෝධනය සකස් කොට ඇත.  ‘රාජ්‍ය නොවන සංවිධාන උපදේශක කමිටු සාමජිකයින් ලෙස කටයුතු කළ නිමල්කා ප්‍ර‍නාන්දු, සුදර්ශන ගුණවර්ධන, වෛද්‍යා වින්යා ආරියරත්න විසින් ඉදිරිපත් කළ කමිටු යෝජනාවන්ට සම්පූර්ණයෙන්ම පරිබාහිරව මෙම සංශෝධනය සැකසී ඇත.  

අවම වශයෙන් උපදේශන කමිටුව සමග සම්බන්ධ වූ සිවිල් සංවිධාන කිසිවක් සමග හෝ නව සංශෝධිත කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සාකච්ඡාවක් හෝ පවත්වා නැත. ඒ අනුව, ‘රජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ක්‍ර‍ම විරෝධී හා ව්‍යවහාර විරෝධී ප්‍රවේශයකින් කටයුතු කර ඇති බව පැහැදිලිය.    

ගමේ මරණාධාර සමිතියේ සිට විවිධ සමාජ ස්ථර හා පුද්ගලයින්ගේ එකමුතු, සමාගම් හා සංගම්, සංස්ථා ලෙස ක්‍රියාත්මක වන සංවිධාන ‘වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘සිවිල් සංවිධාන‘ ලෙස පැවතිය යුතු අතර, කුමන ලෙසකින් හෝ  රජයේ අතකොලු බවට පත් නොවිය යුතු  බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.



අදහස් (0)

‘සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනය‘ට රහස් කැබිනට් පත්‍රිකාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 81 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 370 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site