(රොමේෂ් මධුෂංඛ)


තමන්ට ස්ථීර පත්වීම් ලබා දෙන මෙන් ඉල්ලා යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අදට (06) දින 100 ක් පිරුණද විසඳුම් නොමැති බව පවසමින් රැකියා වරහිත උපාධිධාරීන් අද විරෝධතාවක් පවත්වනු ලැබූහ.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරන ලද මෙම විරෝධතාවට යාපනයේ රැකියා විරහිත උපාධීධාරීන් විරෝධතා පාඨ සහිතව සහභාගී වී සිටියේ කලු රෙදි පටකින් මුඛය වසාගෙනය.

වසර ගණනාවක සිටම රැකියා වරහිත උපාධිධාරීන් විරැකියාවෙන් පෙලුනද මේ දක්වා මේ ගැටලුවට විසඳුමක් නොමැති හෙයින් විසදුම් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයටද දින 100 ක් සපිරුණද තම රැකියා ගැටලුවට විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවටයි රජයේ නව රැකියා දසලක්ෂයේ වැඩසටහනින් උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට විසඳුම්ක් ඉතා ඉක්මනින් ලබා දිය යුතු බවටද විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් කියා සිටියහ.