IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කළොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළ යනවා‘

( නාලක සංජීව දහනායක)


රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් තබා තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක‍්‍රියාත්මක කළහොත් ඇමරිකානු ඩොලරය රුපියල් දෙසීය දක්වා ඉහළ යෑම කිසිවකුටත් නතර කළ නොහැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවසීය.
         

ඒ අවධානම පිළිබඳව ජනාධිපතිවරයා ප‍්‍රමුඛ වත්මන් රජයට අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් නැතැයිද ඔහු කීය.
                     

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.                        

මේ වනවිට වාණිජ බැංකු ඇමරිකානු ඩොලරයක් අළවි කරන්නේ රුපියල් 162 මුදලකටයි. නිදහස ලබාගැනීමෙන් පසුව ඇමරිකානු ඩොලරය නොසිතු විරූ අන්දමට ඉහළ ගිය පළමු වතාව මේකයි.


 පසුගිය රජය රට බාරගන්නා විට ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 105 මුදලක් ගෙව්වා. දේශීය මෙන්ම විදේශීය අර්බුධ රාශියකට මුහුණ දී එම රජයේ දස වසරක පාලනය නිමවනවිට ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙව්වේ රුපියල් 131යි.

අවුරුදු දහයටම ඩෙලරයක් සඳහා වැඩි වුනේ රුපියල් 26. නමුත් යහපාලන ආණ්ඩුවේ වසර තුනහමාර ගතවනවිට ඇමරිකානු ඩොලරයකට රුපියල් 162 මුදලක් ගෙවනවා. ඒ අනුව අවුරුදු තුනහමාරට ගෙවන මුදල රුපියල් 31 වැඩිවෙලා.


රුපියල මස්තබාල්දුවීම මේ රජයට නතර කරන්න බැහැ.රුපියල බාල්දුවීම නිසා ජීවන විදයදම එකට එකක් ඉහළ යනවා. එය පොදු ජනතාවගේ ජීවිතයට සෘජුවම බලපානවා.


 ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචි බොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (6)

‘සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කළොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළ යනවා‘

sena Tuesday, 19 June 2018 11:56 AM

ඩොලරය කොහේගියත් අපිට මොකෝ අපිට රු 2500 ක් තිබුනොත් ඇති.

:       93       238

lamaya Tuesday, 19 June 2018 12:42 PM

බොරු කියන්න එපා. මැද පෙරදිග රටවල් ලංකාවට වඩා වැටිලා තියෙන්නෙ. මෙහෙ නීති හැමදාම මාරු කරනවා ආයෝජකයො ඇද ගන්න. මෙහෙ මුදල් අගය වැටෙන්නෙ නැත්තෙ, අවුරුදු ගානක ඉදන් ස්ථාවර අගයක් එයට ලබා දීලා තියෙන නිසා.

:       176       82

Nuwan Tuesday, 19 June 2018 12:51 PM

ඇමරිකානු ඩොලරය රුපියල් දෙසීය දක්වා ඉහළ යෑම ඕක කලත් නොකලත් වෙනවා

:       141       86

lalith Tuesday, 19 June 2018 03:59 PM

ඉතින් හොඳයිනේ. බැංකුවල දාලා තියෙන මුදල්වල වටිනාකම අඩුවෙලා ඒ වෙනුවට මහබැංකුව මුදල් අච්චුගහලා එව්වා ජනතාවගේ ප්‍රයෝජනයට යොදවනවා.

:       152       36

Chanak Los angeles Tuesday, 19 June 2018 05:35 PM

වැරදි හොය හොයාම ඉන්නේ මහ ලොකු ආර්ථික මොලයක් නම් රටට හිතකර ආර්ථික ක්‍රමයක් සැලසුම් කරන්න ඕනේ.

:       104       30

ලුම්බිණි Wednesday, 20 June 2018 12:43 AM

‘සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම නිසාම රුපියල වැටෙනවා කියන එකට මොනවද සාධක?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site