නාලක සංජීව දහනායක
සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රොහාන් වැලිවිට මහතා සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (25) අත්අඩංගුවට ගෙන පැය තුනකට පසුව මුදාහැර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
රොහාන් වැලිවිට මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද සිංගප්පූරුව වෙත ගොස් ඇති අතර එහිදී සිංගප්පූරු ගුවන්තොටුපොළ බලධාරීන් මුදල් විශුද්ධිකරණය හා ගුවන් ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප‍්‍රශ්න කර ඇතැයිද වාර්තාවේ.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව රොහාන් වැලිවිට මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පසුව අධිකරණය මඟින් මුදාහැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නීතිගරුක සිංගප්පුරුවේ තමයි මහා බැංකු හොරා ඉන්නේ.
සිංගප්පූරුව දියුණු වුනේ තම පුරවැසියන් අන් රටවලට යවා හොරකම් කරන්න ඉඩ දීමෙන්...
ලෝකේ ලොකුම හොරුන්ගේ පරාදීසයක් තමයි සිංගප්පූරුව කියන්නේ. ලෝකේ කොයි රටේ සල්ලි හොරකම් කරලා සිංගප්පුරුවට අරගෙන ගියානම් පුරවැසි භාවයත් දීලා ආදරයෙන් බලා ගෙන ආරක්ෂා කරනවා. එකයි රට ඉක්මනට දියුණු උනේ විදේශ විනිමය වතුර වගේ ගලාගෙන එන්නේ.
මෙහෙ බොහොම දෙනෙක් සින්ගපුරුව ගැන දැනුමේ අල්ප බව අදහස් වලින්ම පේනවා , ඉතාම දැඩි නීති ක්‍රියාත්මක වන නීතියට බය පක්ෂපාති මහජනයාගෙන් පිරුණු රටක් ගැන අපි වගේ දවසකට මිනීමැරීම් තුන හතරක් තවත් අපරාධ සියගණනක් වන රටක ඉඳගෙන අපේ දවසක් එහෙ අවුරුද්දකටවත් වෙන්නේ නැති මිනි මැරුම් හොරකම් අපරාධ ගැන පම්පෝරි ගහන නුගතුන්ගේ අදහස් දැක්කම බෙල්ලේ වැළ දාගන්න හිතෙනවා. ලින් ගෙම්බෝ දවසකට හරි සින්ගපුරුවට ගිහින් ,මන් කියන වෙනස අත්විඳින්න. එතකොට තේරෙයි අපි ඉන්නේ අපායේ කියලා.