අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
සංඛපාල විහාරස්ථානය පිටුපස කන්ද නැගීමට ගිය හැටපස් හැවිරිදි විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම්වරයෙක් හෘදයා බාධයක් වැළඳම නිසා ජිවිතකෂයට පත්ව ඇති බව ඇඹිලිපිටිය රෝහල් පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ ගුරුදෙනිය, මාළිගාතැන්නේ පදිංචිකරුවෙකි.
මියගිය හිටපු ප්‍රාදේශීය ලේකම්වරා තවත් විසි පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමග ඇඹිලිපිටිය, සංඛපාල විහාරස්ථානයට පැමිණ ඇත්තේ 17දා දහවල් කාලයේදීය. එසේ පැමිණි පිරිස උඩවළව පොලීසියේ අවසරය මත විහාරස්ථානය පිටුපස කන්ද නැග ඇත.
කන්ද නගිද්දී පස්වරු දෙකට පමණ හෘදයා බාධයක් හටගෙන අසනීපවීමෙන් පසු ඔහු ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර තිබුණ ද ඒ වනවිටත් ඔහු ජීවිතකෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ඇඹිලිපිටිය නාගරික හදිසි මරණ පරීකෂක ආර්.එස්. ගුණසේන මහතා මෙම මරණය සම්බනධයෙන් හදිසි මරණ පරීකෂණය අද (18) ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ දි පැවැත්වීය. ඉදිරිපත්වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීකෂණය වාර්තාව අනුව හෘදයාබාධයක් වැළඳීම නිසා සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.
2025 දෙසැම්බර් මස 30
108
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සංඛපාල කන්ද නඟින්න ගිය විශ්‍රාමික ප්‍රාදේශීය ලේකම් මරුට
Bamunuarachchi Wednesday, 18 April 2018 11:58 AM
ඔය වගේ වැඩක් කරන්න කලින් ස්ට්‍රෙස් ඊසීජී එකක් කරගන්න තිබුනා. තමන්ට කොපමණ දුරට මහන්සිය දරන්න පුලුවන්ද කියා දැනගන්න.