(රංජන් කස්තුරි)
ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර අද (25) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබේ.
සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා ලංකාදීපයට පැවසීය.
වැඩවර්ජනය අතහැර ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි අමාත්‍යංශ ලේකම්වරයා සහ ඛණිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා යෝජනා කළ නමුත් ඛණිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයින් එය එකහෙළාම ප්‍රතික්ෂේප කළ බවද ඔහු කීය.
වැඩවර්ජනය නතර කළ හැක්කේ ජනාධිපතිවරයා ලබාදෙන විසඳුම පිළිගත හැකිනම් පමණක් යැයි එහිදි වෘත්තීය සමිති නායකයින් අමාත්‍යංශ ලේකම්වරයාට සහ සභාපතිවරයාට දැන්වූ බවද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
COMMENTS
ඛණිජ තෙල් බෙදාහැරීමට තව තවත් පෞද්ගලික අංශයට ඉඩ ලබාදිය යුතුය. රජයට ව්‍යාපාර කල නොහැක.
මේ වර්ජකයන් අයින්කොට ඒ රැකියා අද රැකියා රහිතව ඉන්න උපාදිධාරීන්ට ලබා දෙන්න.
හරි ආණ්ඩුවක් නම් මේ වෙලාවේ කල යුත්තේ ඛනිජ තෙල් සංස්ථාවම අත්‍යාවශය සේවයක් ලෙස වහා ගැසට් කර හමුදාව යටතට පත් කිරීමයි. එවිට එය පුර්වාදර්ශයක් වේවි ඉදිරියේත් ඇති විය හැකි අනවශ්‍ය කඩාකප්පල්කාරී වර්ජන නිමා කරන්නට...
ඔබට සතුටුයිද දැන්?
කොහොමද රට විකුණන්නේ නැතිව රට බේරා ගන්නේ?
අරවින්ද ඒගොල්ලොත් වර්ජනය කරන කොට ?අනෙක තෙල් උපාධි ධාරියෝ ඉන්නවද ?
අවුරුදු ගණනාවක් විරුද්ද පක්සේ උන්නු නිසා රට කරවන හැටි අමතක වෙලා. මේපාර නම් වැඩේ අනාගෙන වගේ?
බොර තෙල් ගෙනෙල්ල පිරිසිදු කරනඑක ලාබ එකක්ද කියල හොයල බලන්න ඕන. හොරකම, නාස්තිය, පිරිවැය වැඩිනම් සිංගපූරුවෙන් ඉන්දන ගෙනෙන එක ලාබ වෙන්න පුළුවන්. ඔස්ට්‍රලියාවත් පිරිසිදු කල ඉන්දන සින්ගපූරුවෙන් ගෙනෙන්නේ. ආයතනය ආණ්ඩුවට අයිති වෙනකොට වැඩ කරන අයට හොරකම් හා වැඩවර්ජන කරන්න හිතෙනවා
JRJ මතු බුදු වේවා ....1980 සාදාරන බව වර්තමානය විසින් යලි යලිත් ඔප්පුකර ඇත
අසරණ මිනිසුන් තවත් අසරන කරන දොස්තරලටත් පාඩමක් උගන්වන්න.
88 JR කලා වගේ ඕකුන් එලවල දාල අලුත් අය ගත්ත නම් ආයේ අවුරුදු පනහකට වර්ජන නැහැ. තර්ජන ගර්ජනත් නැහැ. ආණ්ඩුවකට කොන්දක් නැතිව වැඩ කරන්න බැහැ. ආණ්ඩුවක් බලන්න ඕන කෑගහන කීපදෙනෙක් ගැන නෙවෙයි. සමස්ත ජනතාව සහ රටේ ආර්ථිකය ගැන. ඒවාට පාඩු වෙනවනම් කෙලින් තීරණ ගන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපල බයානකයි. ඔය කෑගහන එවුන්වත් උන්ට උල්පන්දම් දෙන උන්වත් රටේ ආර්ථිකයට ජනතාවට වෙන පාඩුවට වග කියන්නේ නැහැ. ආණ්ඩුව ඒකට වගකිව යුතුයි. ජනතාව ආණ්ඩුව පත්කරගත්තෙත් ආණ්ඩුවෙන් බලපොරෝත්තුවෙන්නෙත් ඒකයි.
එහෙම බැරිනම් ඇයි බාරගත්තේ? අනිත් එක ඔය දැන් ඉන්න මහා එවුන් හොරකන් කරන එක නවත්තුවනම් හුඟක් දුරක් පුළුවන්. අනිත් එක ගිය ආණ්ඩුව නය ගත්තට රටට පෙන්න වැඩක් කරා. සංවර්දනය කරා, යුද්දේ කරා. මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට ගත්ත නය කන්න්දරවට මොකද උනේ?මහින්ද රට බාරදෙනකොට මුළු නය බිලියන 7000 ගානක් දැන් මේ අවුරුදු 2 කට තව බිලියන 2000 කටත් වැඩියෙන් අරගෙන!
අනිවාර්යයෙන්ම තවත් සමාගමකට තෙල් බෙදා හරින එක ලබා දෙන්න. යුනියන් කාරයෝ නෙවෙයි රටක තීන්දු තීරණ ගන්න ඕනේ