
(විමුක්ති එස් රුද්‍රිගු)
එල් නිනෝ තත්වයත් සමග වර්ධනය වන නිරිත දිග මෝසම හේතුවෙන් මෙරට 250,000 ක ජනතාවක් දැඩි අවදානමට ලක්විය හැකි යැයි රජය ඇස්තමේන්තු කර ඇතැයි රතු කුරුස සංවිධානය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
එසේම රතු කුරුස සංවිධානය මෙරට වර්ධනය වෙමින් පවතින නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් 150,000 ක ජනතාවක් දැඩි අවදානමට ලක්වනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
තවද පෙරේදා(03) වනවිට මෙරට වර්ධනය වෙමින් පවතින නිරිත දිග මෝසම් සහ එල් නිනෝ තත්වයට මුහුණ දීම සඳහා රජය හෝ කිසිඳු පාර්ශ්වයක් ජාත්‍යන්තර සහාය ඉල්ලා නොතිබූ බවද එම වාර්තාව පෙන්වා දෙයි.
වර්තමාන සෘතුමය කාලගුණ අනාවැකි සහ කලාපීය දේශගුණික පුරෝකථන අනුව, ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසම් සමයේදී සාමාන්‍යයට ආසන්න හෝ තරමක් අඩු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැසි ලැබෙන ආකරය වෙනස්විය හැකි බවත් රතු කුරුස සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd