සුජිත් හේවාජුලිගේ
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේදී උන්වහන්සේට ආරක්ෂාව සලසමින් පොලිස් නිලධාරියකු හා සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇතැත් ඒ නිලධාරීන් වෙඩි තබා පලායමින් සිටි පුද්ගලයින්ට වෙඩි නොතැබුවේ ඇයිදැයි පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒ ආරක්ෂක නිලධාරීන් සිද්ධිය වු ස්ථානයේ සිටි හෙයින් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ට වෙඩි තැබීමට හැකියාව තිබූ බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ පිළිබඳ අද හෙටම ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවද ප්‍රකාශ කළේය.
කිරින්ඳ රාජ මහා විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා මේ වන විට ප්‍රදේශයේ පලා ගොස් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 8ක් පිටත් කර යවා ඇති බවත් රුවන් ගුණසේකර මහත් කීය.
ඔහු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන්තොටුපළට දී ඇත.
මේ සැකකරු දැනට තැනින් තැනට යමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු ගැවසී ඇති ස්ථාන විස්සක් පමණ පසුගිය දිනවල පොලිසිය විසින් පරීක්ෂා කර ඇති බවත් ගුණසේකර මහතා පැවසීය.
රුවන් ගුණසේකර මහතා අද (15) පොලිස් මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
‘‘මේ සැකකාර කපු මහතා පිළිබඳව දැනට තොරතුරු ගණනාවක් ලැබී තිබෙනවා.අද හෙටම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවේවී කියලා බලාපොරොත්තු වෙනවා.
පරීක්ෂණ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරනවා . නායක හිමියන් මීට ඉහතදී කළ පැමිණිල්ලක් අනුව පොලිසිය ඒ සැකකරුගෙන් ප්‍රකාශයක් පවා සටහන් කරගෙන තියෙනවා.ඔහු ගැන විමර්ශනයක් කරලා තිබුණා.ඒ පැමිණිල්ලත් මේ නඩුවට ඉතා වැදගත් වෙනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදනේ අපි දන්නේ බුද්ධ පුත්‍රයන්ටත් සිකියුරිටලා ඉන්න බව.. මුස්ලිම්, දෙමළ අයගෙන්, අැන් ජී ඕ කාරයන්ගෙන් නැත්තම් පල්ලියෙන් බේරෙන්නද? ඕකයි ලංකාවේ බුද්ධාගමේ තත්වය... සල්ලි, පඬුරු, පූජාවට්ටි වෙන මොනවද?
කපුවා පාතාලයෙක් නම් රිටර්න් එක ෂුවර් බව දන්න නිසා අහක බලාගෙන ඉන්න ඇති.
උන් වහන්සේ දැන්වත් දැනගන්න සේක්වා "අවි ගත්තෝ අවියෙන්ම නසිති "කියල .මේ බුදු පුත්ත්රයෝ ද?මේ ගමන කුමක් ද? මට හොඳටම අබ්ලික්.
වෙඩි තියලා සැකකරුවන් මලොත්, ඔය කියන සුන්දර කතා නෑ. වෙඩිතියපු කෙනා අමාරුවේ. යහපාලන තියරිනේ දැන් තියෙන්නේ...
හාමුදුරුවන්ටත් පොලිස් ආරක්ෂාව. සමහරු පන්සලේ හාමුදුරුවරු, එළියේ වෙනත් අය ලෙස වෙස්වලාගෙන. තවත් අය හිරේ. මහනායක හිමිවරු මොකද කරන්නේ?
අර කෝකටත් තෛලය වගේ ඔය වෙඩි තියපු එකටත් අල්ලන්න ගියේ වෙන කෙනෙක්ව නේද?
ඒ කපුවා අහුවෙනවා නම් මම කැමතියි. ඒ මොකද දන්නවද, මේකේ මොකක් දෝ එලි නොවුණු රහසක් තියෙනවා කියල පෙනෙන නිසා... අන්න ඒක මොකක්ද කියල දැන ගන්න පුළුවන් මිනිහ අහුවුනොත්.
කුට්ටිය? කුට්ටිය හම්බවෙලා වෙන්නැති.
බුදුරජාණන් වහන්සේ නම් දේශනා කලේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී , ඒ කියන්නේ ධර්මයෙහි හැසිරෙන්නෝ ධර්මය විසින් ආරක්ෂා කරයි කියලයි. එහෙම නැති අයව නම් පී එස් ඩී එක දාලාවත් බේරාගන්න බැහැ.
අපට දැන ගන්න ලැබෙන හැටියට මේක දේපල පිළිබඳ හුටපටයක්. හාමුදුරුවන් නඩු පවරලා එකෙන් උන්වහන්සේට මහසෙන් දේවාලේ අයිති වෙලා. දෙයියන් කෝපවීම කරණකොටගෙන කපුවා ආවේෂවෙලා. ආරක්ෂාවට හිටපු පොලිස් කාරයෝ දුෂ්ටයන්ට වෙඩි තිබ්බා නම් ඒ මිනිස්සු අමාරුවේ වැටෙනවා. වෙඩි නොතිබ්බත් වැරදියි.. තිබ්බත් වැරදියි. යකාගේ වැඩක්. දෙයියන්ගෙන් බේරෙන්නත් ඕනෑ.. ආණ්ඩුවෙන් බේරෙන්නත් ඕනෑ.
පංසල ඇතුලේ වෙඩි තියන්නේ කොහොමද කියලා සිතන්න ඇති ...
සියල්ල අත හරිනවද? නඩු කියලා අල්ලා ගන්නවද? ගාර්ඩ් එක දාගෙන බණ කියනවද?
දෙවියා මැව්වේ මිනිසාය. දේව මතවාදයෙන් ලොවට හානියක් වුනා මිස යහපතක් සිදුවී නැත.
ස්කන්ධා ඔබ අතෙත් යොදා තියෙනවා නේද? ඇයි බලාගෙන උන්නේ? (මෙයාගෙනුත් ප්‍රශ්න කරන්න)
"ගිනි අවි තියෙන්නේ ලස්සන බලන්නද?" " නීතිය නසන මැරයන් ටික රකින්නද?" " තිබ්බේ නම් වෙඩිලි කපුවා දුවන්නද? " " වැඩකට නොමැති අවියෙන් ගිනි තපින්නද? "
අර කතරගම තියන මහා මන්දිරය අයිතිත් ඒ කපුවටමද?
බමුණුආරච්චි මහත්තයෝ...., මම නම් දැනටමත් ලිඛිතව උපදෙස් දී තිබෙනවා මට මේ `බුද්ධපුත්‍රයන්` සම්බන්ධ වන පාංශුකූල නාටකයක් තියන්න එපායැ කියලා. මම ලේබල් බෞද්ධයෙක් නොවෙයි. බුද්ධ ධර්මය බොහොම උනන්දුවෙන් හදාරන කෙනෙක්. අද තිබෙන බෞද්ධ චාරිත්‍ර සමහරක් මෑත කාලයේ සකස් කර ගත් ඒවා බවයි මට නම් පෙනෙන්නේ. ඝාන්ඨාරය, නවගුණ වැල, සමහර පූජා, බෞද්ධයන්ට ලැබුනේ කොහෙන්ද කියල සොයා බැලුවොත් හොඳයි! බෞද්ධයෙකුට පන්සල සමග සම්බන්ධයක් අවශ්‍යමද යන්නත් ප්‍රශ්නයක් !!!
ආරක්ෂකයෝ ඉන්න බව හොදින් දනිමි. මරණ තර්ජන තිබේ නම් මගහැර නොසිටියේ හෝ අාරක්ෂාව ගැන මීට වඩා සැලකිල්ල යොමු නොකලේ අැයි? දමල යන්න බැරි දේවල් තිබෙන නිසාද? තෘෂ්ණාව නිසා නේද? ඔය අය නේද අපටම කියන්නෙ තෘෂ්ණාව අතහරින්න තියල ". ඕනම කෙනෙකුගෙ අතේ පිරිත් නූල් බැඳින්න බලා ගෙන ඉන්නව....