(මනෝපි‍්‍රය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරී 14 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (11) තීරණය කළේය.
‘‘තාරුණ්‍යයට හෙටක්’’ සංවිධානයට දුන් රුපියල් ලක්‍ෂ 50ක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි ඔවුනට එරෙහිව ඇති චෝදනාව වේ.
පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරු නියම කළේය.
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අධක්‍ෂක රෝනී ඊබ‍්‍රාහිම් යන මහත්වරු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සභාපති හිටපු රජාගේ හොඳ සගයෙක්. මෙයාගේ ගැහිලි හැටියට මේ ලක්ෂ 50 මෙයාට සිල්ලර සල්ලි. මේ මහජන මුදල් මොනතරම් අපරාධයක්ද?