(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉකුත් 2017 අගෝස්තු මස 02 වැනිදා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශන කොමිසමේදී ලබාදුන් සාක්ෂි ඇතුළත් හඬ පට සහිත සී ඩී තැටි දෙකක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (4) බාරදෙනු ලැබීය.
බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ලබාදෙන ලද සී ඩී තැටියේ බැඳුම්කර විමර්ශනයට අදාළ වාර්තාව අන්තර්ගත නොවීම හේතුවෙන් නඩුවේ නියෝගය නිකුත් කිරීම ලබන 10 වැනි තෙක් කල් තැබීමටද අධිකරණය නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව බාගෙට බාගයක් හොරු ඉන්න රටක්.. මොන තරතිරමෙන් අරන් බැලුවත් හොරකම වංචාව දුෂණය රටේ ඉහල තැනේ ඉදන්ම කෙරෙනවා. දුෂණය වංචාව නැති වුන දවසට රට ගොඩ යාවි. නමුත් ඒක කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්.