(නිමන්ති රණසිංහ)
ශෂී වීරවංශ මහත්මියට අදළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය ලබන අපේ‍්‍රල් මස 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියෝග කළාය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට ඇයට චෝදනා එල්ලවී තිබේ.
මෙම සිද්ධියට අදාළ පැමිණීල්ලේ සාක්ෂිකරුවකු වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (04) අධිකරණය හමුවෙ පෙනී සිටිමින් සාක්ෂි ලබා දෙනු ලැබිය. එමෙන්ම, ඉදිරි දිනයේදී පැමිණීල්ලේ සාක්ෂි ලබා දිම සදහා ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත අධිකරණයෙන් සිතාසි නිකුත් විණී.
මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (04) අධිකරණයේ පෙනී සිටියාය.
COMMENTS
පුදුම නඩු විභාගයක්නේ මේක. සාමාන්‍ය පුරවැසි කාන්තාවන්ට රාජ්‍ය ලේඛන වංචා කළා නම් මෙහෙම කල් මරනවාද? නැති නම් දරුවන්ට ආතතිය කියලා විශේෂ සහන සලසනවද ? කටුස්සාගේ කරේ රත්රන් මාල බැඳීමේ වගකීම ගන්න ඕන ඡන්දදායකයාම තමයි.
අනේද කියන්නේ...
ලංකාවේ නඩු වර්ග දෙකක් ඇත. එනම් , ඇහෙන නඩු සහ කවදාවත් නොඇසෙන නඩු වශයෙනි! අනේ අපේ රටට ගිය කල!!
ඒ කියන්නේ ලඟදි චන්දයක් එන්නේ නැහැ කියන එක?
නීතියට විරුද්ධව වැරදිකර චුදිතයන් ලෙස චෝදනා වලට ලක්වුණු පුද්ගලයන්ට රාජ්‍ය සේවයේ නියැලෙන්න පුළුවන් ලෝකයේ එකම රටද ලංකාව ?
දේශපාලනය ගෑවුන තැන අද වසුරු ගොඩක් . නීතියටත් කොන්දක් නැද්ද අපේ රටේ?
දැන් මේ අපරාධය නිසා රජයට , ශ්‍රී ලංකාවට , පොදුවේ මහජනයාට සිදුවුණු මහා විනාශයට අලාභය අය කරගන්නේ වැරදි උපන්දිනේ වැරදියට සඳහන් කල විත්තිකාරියගෙන්ද ? නැතිනම් උපන්දිනේ හරියට බලන්නේ නැතිව ගමන් බලපත්‍රය නිකුත් කල ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද ?
මටනම් මේකට ලියලම ඇතිවෙලා.
මේවා කවදාවත් අහන නඩු නෙවෙයි. නඩුකාරයොත් එකයි, සේරම එකයි. යටින් ඩීල් දම දමා නඩු කල් දමනවා. පොඩි වරදවල් වලට රිමාන්ඩ් කරපු අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවද අවුරුදු ගණන් රිමාන්ඩ් එකේ ඇප දෙන්නේ නැතුව. මෙච්චර එළිපිට රාජ්‍ය ලේඛන වංචා කරපු ශෂී වීරසිංහ ඇප අරගෙන ගෙදරට වෙලා සතුටින් ඉන්නවා.
ජීවිතයට ඇහෙන නඩු නොවේ..