IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට සහනයක්

(ඩයනා උදයංගනී)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට සහනයක් ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට මෙතෙක් ලබා දී තිබූ විනාඩි 45ක කාලය පැයක් ලෙස අමතර විනාඩි 15කින් දීර්ඝ කිරීමටත්, දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දෙන වරණ 4ක් සහිත බහුවරණ ප්‍රශ්න පත්‍රය වරණ 3ක් පමණක් සහිතව ලබාදීමටත් මෙවර කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙමගින් සිසුදරුවන්ට නිවැරදි පිළිතුර තෝරාගැනීම පහසු වනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (29) පැවති අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් 11 වැනි දින පැවැත්වීමට නියමිත අතර ඊට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට කොවිඞ් 19 තත්ත්වය හේතුවෙන් සිදුවූ බලපෑම හා පීඩනය කෙරෙහි සාධාරණ සහ මානුෂීය ලෙස අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවද ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.



අදහස් (2)

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට සහනයක්

Nishantha Wednesday, 29 July 2020 03:28 PM

ඔය බොරු සහන දීලා ජනතාව රවට්ටන්න එපා. රෝයල් එකේ, විශාකා එකේ වගේ ප්‍රසිද්ධ පාසල්වලට ගන්න ළමයි ගාන වැඩි කරන්න. එහෙම නැතිනම් 1 වසරට එම ඉස්කෝලවලට ගන්න ළමයි ගාන අඩුකරලා 5 වසරෙන් වැඩි ළමයි ගාණක් ගන්න. එතකොට කඩයිම් ලකුණු අඩුකරන්න පුළුවන්නේ. ඒවනේ සහන... මේවා නිකන් ඡන්ද ගුණ්ඩු විතරයි. අපේ රටේ ජනතාවත් මේවත් රැවටෙනවනේ...

:       0       0

රජයේ සේවක Wednesday, 29 July 2020 05:11 PM

දෙමාපියන්ට නියම සහනයක් ලැබෙන්නේ... ජනප්‍රිය සාසල්වලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍යත්ව සමතුන් සංඛ්‍යාව වැඩි කළොත් විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site