
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමේ වැඩමුළු තුනක් සංවිධානය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ම්පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය .
ඒ අනුව, පළමු වැඩමුළුව 2026 අගෝස්තු 08 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේදී ද , දෙවන වැඩමුළුව අගෝස්තු 29 වැනිදා නැගෙනහිර පළාතේදී ද තෙවන වැඩමුළුව සැප්තැම්බර් 05 වැනිදා මහනුවරදී ද පැවැත්වීමට සංසදය එකඟ විය.
මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
එසේම, සංසදයේ සාමාජිකයන් සඳහා ඉන්දියාවේ විවෘත පාර්ලිමේන්තු භාවිතයන් සහ මහජන සහභාගීත්වය පිළිබඳ අත්දැකීම් අධ්‍යයනය කිරීමේ අරමුණින් අධ්‍යයන චාරිකාවක් සංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd