(අංජුල මහීක වීරරත්න )
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නංවාලීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අමාත්‍යවරයා ජනාධිපති මන්දිරයේදී රජයේ මැති ඇමැතිවරුන් හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම සහය ලබා දීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති නරේන්ද්‍ර මෝදි එයාගේ රටේ සෞඛ්‍ය ගැටළු අවසන් කරාට පසු, අවම වශයෙන් ගමකට වැසිකිළි කිහිපයක්වත් හදාදී ඉන්දියානුවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න විසදුවාට පස්සේ, අසල්වැසි රටවලට පිහිටවීමට ඉදිරිපත්වීම කොතරම් හොඳ කටයුත්තක්ද? ලෝකෙට පරකාසේ....ගෙදරට මරගාතේ !!!!!
මෝදිට කියන්න ඉස්සෙල්ල ඉන්දියාව ගැන හිතන්න කියලා. ඉන්දියාවත් එක්ක බලන විට ලංකාව ස්වර්ගයක්. හරියට වැසිකිලිවත් නැති ඉන්දියාව කොහොමද අපේ රටේ සෞඛ්‍යය ගැන හිතන්නේ.
ඉන්දියාවේ සමහර ප්‍ර දේශ වලට ටොයිලට් නැහැ ..... ඉස්සෙල්ලා ඒවා හදලා ඉන්න..... ඉන්දියාවේ මිනිස්සු හොස්පිටල් එකේ ඉදන් මිනිය ගෙදරට ගෙනියන්නේ කර තියාගෙන.... එහෙම එකේ මෙයාලා අපිට ගිලන්රථ දෙන්නේ මිනිස්සු රවට්ටලා ඊට වඩා ලොකු වාසි බලාපොරොත්තුවෙන්
මෝදී මහත්තයෝ ලෝකේ රටවල් ගණනාවක්ම ලංකාවේ සෞඛ්‍ය දියුණු කරන්න හැදුවා. තවම කාටවත් ඒක කරන්න බැරි වුණා. නමුත් අපේ දේශපාලකයෝ නම් දීයුණු වුණා
ඉන්දියාවේ තියනවා ඕනේ තරම් ගිලන් රථ නැති රෝහල් සහ වැසිකිලි නැති නිවාස. එහෙම තියෙද්දීත් අපිට උදව් කරනවා නං?
ඒ ගොල්ලොත් රටට පරකාසේ ගෙදරට මරගාතේ.
කිසිම තත්ත්ව පාලනයක් නැතුව ඖෂධ හදලා අපිටම විකුණන ඉන්දියාවෙන් ද දැන් අපේ සෞඛ්‍ය නගා සිටුවන්න උදව් ගන්න යන්නේ ? අපේ ආයුර්වේදය පිළිඅරගෙන බටහිර මිනිස්සු මෙහෙ එනකොට අපි සුපුරුදු ලෙස ඉන්දියාවෙන් හරි වෙන රටකින් හරි හිගා කන්නේ ..
ඉන්දියාවේ රජයේ රෝහල් කියන්නේ ඉතාම කඩා වැටුන ආයතන. මේ කරන්න යන්නේත් ලංකාවෙත් ඒකම කරන්න තමයි
ලංකාවේ සෞඛ්‍ය දියුණු කිරීමට මෝදිගෙන් නොවේ බටහිර වෙදකමයි ආයුර්වේද වෙදකම දෙකම සහභාගී කර ගත්තෝත් හොඳයි.
හැ.............. මෙයා මේ කියන්නේ තව කොමිස් වැඩක් ගැන. දැන් කියයි ඉන්දියාවෙන් තව තව තත්වයෙන් බාල ඖෂද මේ අවභෝදතාව අනුව ගෙන්නන්න වෙනවයි කියලා. හැබැයි ගේන්නේ සිය පවුලට අයත් සමාගම් විසින්.
අපිට කොච්චර ආධාර ලැබුනත් වැඩක් නෑ, අපේම සෞඛ්‍ය සේවය ගැන විස්වාසයක් නැති ඇමති කෙනෙක් ඉන්න කොට. එයා යන්නේ සින්ගප්පුරුවටනේ.
ඉන්දියාව අපේ අවංක මිතුරෙක් නෙමි තිත්ත උනත් ඇත්ත එකයි නමුත් , ඉන්දියාවේ වැසිකිලි නැති වුනත් - ඒ රටේ සෞඛ්‍ය සේවාව අන්තිවුනත් අපට නොමිලේ දීපු ගිලන් රථ සේවයට නම් ස්තුති වන්ත වෙන්න ඕන එ්ක කවදාවත් මේ රටේ උදවිය කරාවි කියල හිතන්න බැරි දෙයක්