( තිළිණි ද සිල්වා)
විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 39ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (13) නිවේදනය කළේය.
මෙම ආධාර ලබාදීම සඳහා එරට කොංග‍්‍රස් සභාවේ අනුමැතිය ලැබීමට නියමිත යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
එසේම ලබාදෙන ආධාර බෙංගාල බොක්ක ආශ‍්‍රිත ආරක්ෂාව සඳහා වූ ක‍්‍රියාකාරකම්, මානුෂීය සේවා සැලසීම සහ ආපදා සහන සැලසීම යන ක්ෂේත‍්‍රයන් සඳහා යොදා ගන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද ඇමෙරිකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම ආධාර මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඉකුත් 7 වැනි දා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා හීදර් නොයෙට් ද අදහස් දක්වා ඇති ඇතර එහිදී ඇය පවසා ඇත්තේ ඇමෙරිකා රාජ්‍ය ලේක්ම්වරයා විසින් ඉන්දුනීසියාව, මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල සිදුකළ ගිනිකොන දිග ආසියා සංචාරයේ දී ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 300 ක් වෙන් කර තිබෙන බවට ප‍්‍රකාශ කළ බවයි.
එම අරමුදල් සැපයීම මඟින් බංග්ලාදේශය ,ඉන්දුනීසියාව ,මොංගෝලියාව ,නේපාලය , පැසිෆික් දූපත්, පිලිපීනය, ශ්‍රී ලංකාව , වියට්නාමය සහ අනෙක් රටවල් සමඟ පවත්වා ගෙන යන ආරක්ෂාව සම්බන්ධ ක‍්‍රියාමාර්ග සඳහා වෙන් කෙරෙන බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකාව සඳහන් කළාය.
ඒ යටතේ සමුද්‍රීය ආරක්ෂණ තේමාව යටතේ ඉන්දීය සාගරය හා නැගෙනහිර ආසියාව හා සම්බන්ධ කරන්නාවූ වැදගත් මුහුදු මාර්ග වැටී තිබෙන ඉන්දීය සාගර කලාපයේ ජනතාවගේ සහ හමුදා ධාරීතාවයක් වැඩි කිරීමටද අපේක්ෂා කෙරෙන බව හීදර් නොයෙට් ප‍්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 39 ක්
rehan Monday, 13 August 2018 09:36 AM
මේ ණය දෙන්නේ අපට ඇති ආදරේකට නෙමෙයි. අපිව තවත් ණයකාරයෝ කරන්නයි.
සතයපාල Monday, 13 August 2018 11:25 AM
මේක ණයක් නොවේ ආධාර මුදලක් නමුත් ඒක දෙන්නේ අපිට ඇති ආදරයට නම් නොවේ.ඩොලර් මිලියන 39 ක් අපිට දෙන්නේ අඩුම ගානේ ඩොලර් මිලියන 100 ක ප්‍රතිලාභයක් බලාගෙන විය යුතුයී.
Dhammika Monday, 13 August 2018 01:27 PM
2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන අපිට එපා ඔය පර සුද්දන්ගේ සල්ලි...