IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලාංකිකයෙක් ලක්‍ෂ 14 ක වල්ලපට්ටා සමග කටුනායකදී අත්අඩංගුවට

(කටුනායක ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත වල්ලපට්ටා තොගයක් රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු
 සිකුරාදා  රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බැව් සහකාර මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .

 මොහු 38 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු 3/16 දින රාත්‍රී 6.35 ට පමණ ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් 14,00,000 (දහ හතර ලක්ෂයක් ) පමණ වටිනා වල්ලපට්ටා කිලෝ ග්රෑම් 25 යි ග්රෑම් 400 ක් සගවා ගෙන තිබී සහකාර රේගු අධිකාරී මොහොමඩ් අම්‍රින් මහතා විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අචල චන්ද්‍රසේකර මහතා මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වීය . එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර , මේ පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය .



අදහස් (2)

ශ්‍රී ලාංකිකයෙක් ලක්‍ෂ 14 ක වල්ලපට්ටා සමග කටුනායකදී අත්අඩංගුවට

ඒකාධිපති Saturday, 17 March 2018 04:56 PM

විදේශ විනිමයට වැට බැදලා අහිංසක මිනිහෙක්ගේ බත් පතටනම් ඔක්කොම වැට බදිවී, කෝටී ගනන් හොරු නිදැල්ලේ.

:       0       1

rocky Monday, 19 March 2018 08:57 AM

අනේ මහත්තයෝ, දන්නේ නැති හින්දයි අහන්නේ... වල්ලපට්ට ඔච්චරම වටිනවද? මේවා ගැන නම් අපි දන්නවා. එ්ත් ඕක පට්ට ගහන්නේ කොහොමද කියලා කියන්නකෝ, මමත් කැමතියි ගානක් හොයා ගන්න !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site