නාලක සංජීව දහනායක
මින් ඉදිරියට 16 මන්ත්‍රී කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නැති බවත් මින් ඉදිරියට තම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව වැඩ කිරීමට එකඟතාවයකට පැමිණි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා අද (28) පැවසීය.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද තම මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා ලැබුණු බවද මන්ත්‍රීවරයා කීය.
අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හා බැසිල් රාජපක්‍ෂ ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමඟ අද (28) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පස්වරු 5.00ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘‘පොදු ජන පෙරමුණේ ඉන්නෙත් අපිත් එක්ක දීර්ඝ කාලයක් කටයුතු කළ උදවියයි. ඒ නිසා අපිට එක මතයකට එන්න අසීරු වුනේ නැහැ. ඉදිරියේදී මේ ආණ්ඩුව වෙනස් කරන්න පොදු වැඩසටහනක් යටතේ කටයුතු කරන්න අපි තීරණය කළා.
මේ සාකච්ඡාවෙන් අපි අතර තිබුණු විරසක බව නැති වුණා. දැන් අපි දෙපාර්ශ්වයටම එකට කටයුතු කරන්න පුළුවන්. අමාත්‍යධූර අත්හැරලා විපක්‍ෂයට ආපු දවසේ ඉඳලා අපි හිටියේ විපක්‍ෂයේ. අපි මෙච්චරකල් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ විශ්වාසයෙන් කටයුතු කළා.‘‘
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ පැවසීය.
‘‘මින් පස්සේ ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම කියල එකක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයත් අපිත් එකට කටයුතු කරන්න මේ දෙපාර්ශ්වයම එකඟ වුණා. ඒ අනුව අපි දෙපාර්ශ්වයම එකට එකතු වෙලා ආණ්ඩු විරෝධී ප්‍රගතිශීලී බලවේගයක් ගොඩනඟන්න ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව පරාජය කරන්න අපි දෙගොල්ලම එකම වේදිකාවකට ගොඩවෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න අපිට වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගැනීමේදී නීතිමය ප්‍රශ්න මතු වෙනවා. නමුත් නිල නොවන මට්ටමින් අපිට වැඩ කරගෙන යෑමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.‘‘
ඡායාරූප - ළහිරු හර්ෂණ






COMMENTS
රනිලුයි මහින්දයි හැර ලංකාවේ අනිත් දේශපාලඥයෝ ඔක්කොම එකයි.
කොහොම හරි මඩිය වැඩිපුර තර කර ගන්ඩ පුලුවන් පැත්තක් අල්ලගන්න එක ඔය කට්ටියගේම දේශපාලනය බව අපි දන්නවා
මුහුණු වලින්නම් පෙන්නේ වෙනදෙයක්. සතුටු වෙනබවක් පෙන්නේ නැහැ.
මේ 16 කණ්ඩායම අලුත් ගමනක කියන්නේ කොහොමත් පනින රිලව් වගේ නේ. මේ අයගේ කටවල් වලින් කියන කතා මහජනතාව දැඩි පිලුකුලෙන් හෙළාදකිනවා.
තවත් මේ රටේ කන්න දේවල් ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ . දැන් ඉතින් බාගෙට කාල තියෙන අපේ ඉතුරු ටිකත් කාල දාන්න.
මම දන්නා තරමින් ඔබ සැවොම සිටියදීත් ගියවර මහින්ද ඡන්ද දෙකෙන්ම පැරදුනා. එම නිසා ඔබලා මහින්ද සමග සිටිමින් අපිට රට දියුණු කිරීමට අවස්තාව දීම සම්බන්ධයෙන් යහපාලන ගමනක් බලාපොරොත්තු වූ අපි ඉතා සතුටු වන්නෙමු. දැන් අපිට රට පෙරට ගෙනයාමට අවස්තාව මාර්ගය විවර වී ඇත.
මිසරවාසින් මළමිනී කල්තබා ගැනීමට පිරමිඩ තැනූ රහස අපට පමණක් නොව ඔවුන්ටද රහසකි. 16 දෙනා ගැන අප ද සිතන්නට පෙළඹෙන්නේ උක්ත රහස තෝරා බේරාදීමට ඔවුන් කටයුතු කරන්නේ නම් පමණි. ඔවුන්ගේ පාලන කාලය තුල ශ්‍රී ලංකාව කිසිඳු යහපත් දර්ශයකට ඔසවා තබන්නට අසමත් කණ්ඩායමක් අලුත් ගමන් මගක් දෙස ඇඟිල්ල දිගු කරයි. ඇඟිලිතුඩ එල්ල වී ඈත්තේ එවැනිම අසමත් කණ්ඩායමක කූඩාරමක් දෙසටය. මිනිසුන් යහපත් යැයි සැලකීමට සාධක වෙන ගුණාංග සියල්ල තමන් තුල වගා කර නොගත්, වාසනාවේ සුළඟ හමන දිසාව පමණක් හඳුනාගෙන , එයට රිංගා ගැනීම අලුත් මගක් වන්නේ කෙසේද? නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙලිදරව්වකින් ගිනි ගෙන දැවෙන කුඩාරම අලුත් තැනක් වෙන්නේ කෙසේද?
මේක පුදුම ලෝකයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ උප සභාපති, අනුශාසක, මධ්‍යම කාරක සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මෙකි නොකී සේරම සාමාජිකයෝ වැඩ කරන්නේ පොහොට්ටුව දිනවන්න. පක්ෂයේ නායකයෝ යන යන තැන කියා කියා ඇවිදිනවා " අපි කවුද කියල දන්නේ නෑ. පක්ෂයේ විනය නීති වලට එරෙහිව කටයුතු කලොත් කරනවා හොඳ වැඩක්" කියල. ඒඋනාට අවුරුදු තුන හමාරක් හොරු අැල්ලුව කතාවස්තුව වගේම තමා මේකත්. කවුරුහරි කෙනෙක් හොයල දෙන්නකෝ හොඳ පොල් පිති ටිකක් මේ ගොල්ලන්ගේ පිටේ බැඳගන්න.