සුජිත් හේවාජුලිගේ
ඉන්ධන ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 6700ක් ගෙවීමට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
මේ තත්ත්වය යටතේ ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි ද ලේකම්වරයා කීවේය.
COMMENTS
විදුලි බල මණ්ඩලය ණයයිලු, අපි ටිකක් ප්‍රමාද වුනොත් අපේ විදුලිය කපනවා. එහි කාර්ය මණ්ඩලය ණයට සල්ලි දෙන්න තරම් පොහොසත්! අපිට ඒගැන සතුටුයි !
ඕක මොකක්ද අප්පා හම්බංතොට වරායේ කොමිස් මුදලම විතරක් ඩොලර් මිලියන 7.5ක් නේ.
මෙච්චර ණය ප්‍රමාණයක් තියාගෙනද විධායක පඩි හා දීමනා වැඩි කරගන්නේ...? මූල්‍ය පරිපාලනය කොහෙද තියෙන්නේ? ගමේ කඩේ මුදලාලි මීට වඩා හොඳ මුල්‍ය පරිපාලනයක් පවත්වාගෙන යනවා නේද? විදුලි බල මණ්ඩලයට නම් පොදුජන සේවාවක් ලෙස සලකා යම්කිසි සහනයක් දිය හැකිය. එනමුත් ශ්‍රී ලන්කන්?
කොහොමින් කොහොමහරි අන්තිමේ ඔක්කොම අය තම තමන්ගේ පාඩු පියවගන්නේ ජනතාවගේ සාක්කුවේ තියන සල්ලි වලින් තමයි.
ඊ ලඟට ණය ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙනවා. ඒ කියන්නේ අපේ බදු මුදල්! සියලුම රාජ්‍ය සංස්ථා වල ඉන්න ලොක්කෝ ඉවත් කරලා දමන්න ඕන. මොනවටද ලක්ෂ ගණන් පඩි දීල අදක්ෂ ගොබ්බයන් මේවයේ ඉහල තනතුරුවලට පත් කරන්නේ? කෝ මේ අධීක්ෂණ මන්තීල. මොකටද ඔවුන්ව පත් කලේ? මුල්‍ය විනය හන කෙළවරක් නැතුව කියවන්න නම් හරි දක්ෂයි හැම එකාම. වැඩ නෑ.
නොහැකියාවෙන් පෙලෙන ඇමතිවරු නිසා ඇතිව ප්‍රතිපල
අපිටත් කරන්ට් එක වද්දලා ,රටත් ණය කරන්නද මේ මණ්ඩලය තියෙන්නේ ?
යහපාලනයට කඩේ ගිය ලක්ෂ 62ක නඩේ පින්වතුනි, ඔන්න තවත් යහපාලන ප්‍රතිඵලයක් අත ලඟ. විදුලි බිල වැඩි කිරීමක් අත ලඟ. කොච්චර මිල සුත්‍ර තිබුණත් ඉන්ධන මිල අඩු කිරීම වෙනුවට වැඩි වීමක්... සතුටුයි. රනිල්ටයි මෛත්‍රිටයි සතුටුයිලු. මහා බැංකුව සුද්ද කරාට වඩා සතුටුයිලු.
ණය වෙන්නේ නැතුව බැරි නම් ඕක දෙන්න මොන්ටිසෝරි ළමයෙකුට නියමෙට කරලා පෙන්නයි. මොකද හොරා කන්න දන්නේ නැති නිසා...
මොන බොරුද මේ කියන්නේ පහුගිය කාලේ ඔය ආයතන වල සේවකයින්ට පඩි වැඩිකළ විදිය අපි දැක්කනේ... ලංකාවේ වෙන කිසිම ආයතනයක ඔහොම පඩි වැඩිකළේ නැහැ. ඔච්චර පාඩුනම් ඒවා කලේ කොහොමද? ගහ දන්නා අපට කොළ කඩාදාන්න එපා...