(රංජන් කස්තුරි)
බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලවල සේවකයින්ට පෙරවරු 7.30 සිට 9.15 දක්වා රාජකාරියට පැමිණීමට හැකි හා පස්වරු 3.15 සිට 5 දක්වා රාජකාරි නිමකළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස හා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය අත්හදා බැලීමට නියමිතය.
COMMENTS
වාහන ගෙන්වීම නවතනු
ඇයි කොළඹ විතරක්..නුවරත් එහෙම කරන්න ඕනි. කටුගස්තොට ට්‍රැෆික් එක නිසා පැය ගානක් රස්තියාදු වේ.
9:15 ට ඇවිත් 3:15ට යයි එතකොට!!
කාර්යාල ටික හම්බන්තොට ගෙනිච්චනම් ඉවරයි. එහෙ ඕනේ තරම් පාරවල් තියනවා වාහන යන්නේ නැති.
ඕකෙන් වෙන්නේ රජයේ සේවය බලාපොරොත්තු වෙන සාමාන්‍ය මහා ජනතාව තවත් අමාරුවේ වැටෙන එක. වැඩක් කරගන්න ගියාම එයා එනකන් ඉන්න ඕන කියයි, එයා වේලාසන ගිය කියයි, බලාපොරොත්තු වෙන්න ඔය වගේ දේවල්.
මාර්ග තදබදය බොහෝවිට ඇතිවන්නේ ත්‍රීවීල් සහ මොටෝර් බයිසිකල් නිසා කියල බොහෝදෙනෙකුගේ අදහස එනිසා අධිවේගී මාර්ගවල කරන ආකාරයට ප්‍රධාන මාර්ගවලත් ත්‍රීවීල් හා මෝටර් බයිසිකල් නතර කරන්න නැත්නම් වෙන්නේ අතීසාරයට අමුඩ ගැසුවා වගේ වැඩක්
බඉතාම අනුවන ක්රිියාවක් රාජ්‍ය සේවයේ තීරන ගන්නේ මේ තරම් දේවල් වත් තීරනය කරගන්න බැරි අයද/දැන් කාකාස 9.15 ට ආවොත් හරි අදාල විෂයට අයත් ලිපිකරු 9.15 ට ආවොත් ප්‍රධාන නිලධාරි අවොත් වැඩක් තියෙයිද? එකේ අනිත් පැත්ත ඔක්කොම ඇව්ල්ල අත්සන් කරන බලධාරියා 9.15 ට ආවොත් එතකොට මොකද වෙන්නේ, රාජ්‍ය සේවය 9.15ටයි 3.00 වෙනව/ කරන්න වැඩ තියෙද්දිඅයාලේ යන රාජ්‍යසේවය තවත් මොංගල් වෙනවා,මහජනතාව අනාත වෙනව,ගොං වැඩ නොකර මුකුත් නොකර ඉන්නවනම් ඒකත් සේවයක්
දුන්නා වගේ නෙවෙව් ආපහු වෙනස් කරන්න ගියොත් පාරට බහීවි . ඒ නිසා පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට පටන් ගත්තොත් හොඳයි. ආණ්ඩුවේ office වල ප්‍රශ්නේ එක වැඩේ කරගන්න පස් දෙනෙක් ගාවට යන්න ඕන. එකෙකෙනෙක් වත් පරක්කු වෙලා හරි කලින් ගිහින්න්නම් මිනිස්සුන්ට අායෙත් එන්න වෙනවා. එක වැඩේට දවස් පහක් එන්න්න හදන ක්‍රමයක් මේක. ආණ්ඩුවේ ප්‍රශ්නේ විසදුමක් දෙනකොට මහජනයාට වෙන පීඩාව ගැන බලන්නේ නැති එක.
මම හිතන්නේ නැහැ කවුරුවත් බොහොම කැමැත්තෙන් වාහන වල එනවා කියල.කොළඹ නුවර දෙකේම බැලුවොත් තනි පුද්ගලයින් යන වාහන ප්‍රමාණය 80% විතර තියෙනවා.අපේ රටේ පොදු ප්‍රවාහන සේවය අජපල්.හැතැප්මක් යන්න පැයක් විතර ගන්න සේවයක් තියෙන්නේ.කවුරුවත්ක කැමති නැහැ පැයගණන් පාරේ රස්තියාදු වෙන්න අනවශ්‍ය විදියට .සිංගප්පූරුව වැනි රටක් ආදර්ශෙට අරගෙන මිනිස්සුන්ට පහසුවට ,වෙලාවට යන්න පුළුවන් ප්‍රවාහන සේවයක් සලසන්න.
දැන් කට්ටිය ශෝක් එකට 9.15- 3.15 සේවා මුරයට සෙට් වෙයි. එත් කමක් නැහැ අදාළ වෙලාවට ඵලදායී සේවයක් සපයනවා නම්.
නුවරටත් මේක කරන්න.වැව වටේ ඇවිත් නගරය හරහා එනකොට දවසට පැය ගාණක් මහ පාරට ඉවරයි.
අතීසාරයට අමුඩ ගැහුවා වගේ තියෙයි.
මොන වෙලාවට ආවත් පැය ගාන එකයි.
මේකෙන් වෙන්නේ වැඩක් කරගන්න මෙම කාර්යාලයට ගිය විට අදාල නිලදාරිය එන්නේ 9.15 කියල අහගන්නත් හවසට මගේ වැඩ නිම වීම 3.15 නිසා හෙට එන්න කියල අහගන්නත් එක පමණයි. එමනිසා සම්පුර්ණ කාර්යාලයක වෙලාව වෙනස් කිරීම තමයි මෙතන සිදු වෙන්න ඕනේ.
මේ සංශෝධනය හොඳයි. ඒත් කොළඹ නගරයට වගේම මහනුවරටත් වලංගු වෙන්න ඕනැ.
හරිම මෝඩ අදහසක්. බත්තරමුල්ල හරහා කොළඹ එන කාර්යාල සේවකයෝත් මහා පාරේ දුක් විඳිනවා. මේ සියල්ලට වැඩ හොඳ නැද්ද රාජගිරිය හන්දියේ ඉබි ගමනේ යන ඉදිකිරීම් ඉක්මනට ඉවර කරලා හොඳ පොදු ප්‍රවාහන සේවයක් හදන එක? අපි කාර් වල යන්නේ දෙගුණය කාලෙත් මුදලුත් පුච්චලා. මේක මහා අපරාදයක්.
බත්තරමුල්ලේ විතරක් නෙවේ මුළු කොළබම මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. බත්තරමුල්ලේ විතරක් කරොත් අසාධාරනයි..
උදේට යන බාර වාහන වේලාව වෙනස් කරන්න .සියලුම බාර වාහන සඳහා උදේ 8.30 පසු නගරයට ඇතුලු වීමට දෙන්න .දියුණු රටවල කරන්නේ උදේට බස් සැහැල්ලු වාහන පමණකි නගරයට එන්නේ .අනික් ඉතාම අබලන් වාහන ඇතුලු කිරීම අඩු කල යුතුයි
පෞද්ගලික වාහන වල අඩුම ගානේ දෙන්නෙක්වත් නැත්නම් සතියේ දින වල කොළඹ, නුවර වගේ ප්‍රධාන නගර වලට ඇතුල් වෙන එක නවත්වන්න ඕන. කොහොමත් ලංකාවට හරියන්නේ දුම්රිය සේවය තමයි. උමං දුම්රිය (Tube Train) ක්‍රමය දැම්ම නම් හොඳයි. නැත්නම් අඩුම ගානේ තව දුම්රිය පාරවල් කීපයක් හදල ඒ දුම්රිය ප්‍රවාහන ජාලය දියුණු කරන්න ඕන.
මීට වඩා මේ වැඩේ සාර්ථකව කරන්න පුළුවන් කාර්යාල වලින් සියේට 20ක් උදේ 8.00 සිට සවස 4.00 දක්වාත් . තවත් 20% ක් 8.30 සිට සවස 4.30 දක්වාත්. තවත් 20% ක් උදේ 9.00 සිට සවස 5.00 දක්වාත් ඊළඟ 20% 9.30 සිට 5.30 දක්වාත් අවසාන 20% 10.00 සිට සවස 6.00 දක්වාත් ක්‍රියාත්මකව තබා ගැනීම මගින්. මේවා ඉතින් අපිට තේරුණාට වැඩක් නැහැ අපි කියනදේවල් අහන්න කෙනෙක් කොහෙද ඉන්නේ......???
මෙතන කමෙන්ට් දාපු වැඩිදෙනෙක් ඉන්නේ වෙනසකට අකමැති වෙනසක් වෙන්නේ නැහැ කියන සෘණාත්මක ආකල්ප ඔලුවේ දාගෙන.. අපේ රට හැමදාම එක තැන තියෙන එක පුදුම වෙන්න එපා.. හැමදාම පම්පෝරි ගහ ගහා ඉන්න.. ආණ්ඩුවේ රස්සාවල් කරන අයව හදන්න පුළුවන් ඒ අයට නීති රීති දාන්න ඕනේ.. මතකද ප්‍රේමදාස උන්නැහේ ජනාදිපති වුන කාලේ රජයේ සේවය උපරිම හොදින් තිබුන.. මොකද රටේ නායකයා ක්‍රියාවෙන්ම පෙන්නුවා වෙලාවට වැඩ කරන හැටි... ගොඩක් අයට එතුමාගේ ඒ ක්‍රියා පිළිවෙල දිරෙව්වෙ නැහැ මොකද වෙනසකට අකමැති නිසා.. මොනා කරන්නද.. උපන් ගෙදර ජරා ගතිය අත් හරින්නේ නෑ ඇත හරින්න බෑ පවට පින් දෙන්න බෑ
රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න පියවර ගන්නවා වෙනුවට, බොරුවට වෙලාව වෙනස් කරනවා. සෘතු තියෙන රටවල් වල නම් දිවා කාලයේ ප්‍රමාණය වෙනස් වන නිසා කාර්යාල වේලාවන් වෙනස් කරන අවස්ථා තියෙනවා. අපේ මොනවා වෙනස් කරන්නද.
කාර්යාලයීය වේලාව නෙමෙයි පුළුවන්නම් 120 මාර්ගයෙ කොහුවල උදේට තියන මාර්ග තදබදයටත් විසඳුමක් දෙන්න
සතියකට දවසක් රජයේ කාර්යාල ඇරියහම හොඳටම ඇති. හරියට වැඩ කරනවානම් දවසත් වැඩියි.
ඒක හොදයි !! එතකොට අනිවාර්ය පැය ගණන වැඩ කරාට පස්සේ යන්න පුළුවන් පරක්කුවෙලා ආවත් !! පිට රටවල ඕක තමයි වෙන්නේ !!
9.15 ට අැවිල්ලා 3.15 ට යන්න පටන් ගනී
පාසල් උදේ 7.00 ට පටන් ගෙන , කාර්යාල 33% ක් උදේ 8.00 ට පටන් ගෙන.... අනෙක් 33% 9.00 ට පටන් ගෙන ඉතිරි 33% 10.00 ට පටන් ගන්න... කිරි ගහට ඇන්න වගේ හරි යනවා. එම කාර්යාල වලින් සේවා ලබාගන්න එන අයත් ඒ විදිහට හැඩ ගැසේවි... !! උදෙන් පැමිණ අංක ලබාගත යුතු කාර්යාල 8.00 ට පටන් ගන්නවා නම් හොඳයි. තව දුරටත් සාකච්චා කර තීරණයක් ගන්න.