විශ්ව විද්‍යාලවලින් පිටවන සෑම ළමයෙක්ටම රජයේ රැකියාවක් ලබාදීමේ වගකීමක් රජයට නොමැති බවත් රටේ ඉදිරිගමනට දායකවිය හැකි පරපුරක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කිරීම රජයේ වගකීම බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේද පැවසුවේය.
වැවිලි කර්මාන්තයේ තිරසාර සංවර්ධනය ගැන අපි අද දිනයේදී අවධානය යොමු කරනවා. අනෙකුත් ක්ෂේත‍්‍රවල තිරසාර සංවර්ධනයක් ගැන අපි අවධානය යොමු කළාට වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයේ තිරසාර සංවර්ධනය ගැන අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක්. වැවිලි ක්ෂේත‍්‍රයේ තිරසාර සංවර්ධනය ගැන අවධානය යොමු කරන විට පරිසරය ආරක්ෂා කිරීම, අගය එකතු කිරීම, මානව සම්පත් සංවර්ධනය විශේෂ වෙනවා.
අද දිනයේදී ජපානය ගැනත් අවධානය යොමු වුනා. ජපානයේ අධ්‍යාපනය ගැන විවිධ අවස්ථාවලදී සාකච්ඡා කිරීමට මට හැකියාව ලැබුණා. ලංකාවේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක තිබෙනවා.අපිට නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් තිබුණට එයින් අපේ දරුවන්ට අවශ්‍ය වන ආර්ථික ශක්තිය,රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපනයක් ලැබෙනවාද යන්න ප‍්‍රශ්ණාර්ථයක්. අපේ රටේ අධ්‍යාපනය ලබන ළමුන්ගෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා ඇතුළත් වන්නේ සියයට දහයක වගේ පිරිසක් පමණයි. විශ්ව විද්‍යාලයට ඇතුළත්වී එයින් පිටත්වන ලමුන්ගේ ආකල්ප ගැනත් මට තිබෙන්නේ ප‍්‍රශ්ණයක්.
විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සියලුම ළමුන්ට රැකි රක්ෂා ලබාදීමේ වගකීමක් රජයකට තිබෙනවාය කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සියලුම විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට රැකියා ලබාදීමෙ වගකීමක් රජයකට නැහැ. රජයට තිබෙන වගකීම වන්නේ හොද අධ්‍යාපන ක‍්‍රමයක් සදහ හොද අධ්‍යාපනයක් ළමුන්ට ලබාදීමයි. නමුත් සෑම උපාධිධාරියෙක්මට රජයේ රැකියාවක් ලබාදිය යුතු යැයි කියන තර්කය මට පිළිගත නොහැකියි.
- 044
COMMENTS
කතාව සම්පූර්ණයෙන් ඇත්ත ..... මෙම රජයෙන් රැකියා දිය යුත්තේය කියන අදහස මිනිසුන්ට දී තියෙන්නේ දේශපාලකයන් විසින් මයි.
ඔබ නිවරදියි. ජොබ් market එකට ගෙලපෙන විදිහට සිලබස් වෙනස් කරන්න.
රැකියා වෙළද පොළට සරිලන උපධි ආරම්භ කිරීමත් පවතින පාඨමාලා ගුණාත්මක භාවය ඉහල දැමීමත් රෙකිය අවස්ථා පුළුල් වන ආර්ථිකයක් සැකසීමත් රජයේ වගකීමක්.
හරියට හරි. පුද්ගලික අයතෙනවල රැකියා කරලා දියුණූ වෙන්න. මම දියුණූ උනේ එහෙමයි. මගේ දෙමව්පියෝ රජයේ සාමාන්‍ය සේවකයෝ. කවදාවත් වර්ජනේ කලේ නැත.
ඔහොම කියන ඈයින්ට ඡන්දෙ දෙන්නත් ජනතාව බැඳිල නෑ
සහතික ඇත්ත. විදෙස් රටවල සිසු දරුවෝ උසස් අද්‍යාපනය කරන ගමන් පාර්ට්ටයිම් රැකියා කරනවා වියදම් පියව ගන්න. අපේ දරුවෙක් උපාධි ලබා රැකියාවක් සොයාගන්න තුරු දෙමව්පියන්ට ආර්ථික බරක්. රජය මෙවැනි ප්‍රතිපත්තියක ඉන්නවනම් අනිවාර්යෙන් ළමයි තම සියලු කාලය අවධානය යොමුකරලා නව රැකියා වෙළදපලට අවශ්‍ය ඉංගිරිසි සහ වෙනත් දැනුම මෙන්ම පවුද්ගලික/රජයේ රැකියාවකට අවශ්‍ය හොඳ ආකල්ප ගොඩනගාගනීවි. දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වෙන එකටත් වැට බැඳෙනවා
කතාව ඇත්ත."විශ්ව විද්‍යාලවලින් පිටවන සෑම ළමයෙක්ටම රජයේ රැකියාවක් ලබාදීමේ වගකීමක් රජයට නොමැති බවත්" යන්න කිසිඳු ගැටළුවක් නොමැත. අද ලෝකයට ගැලපෙන ලෙස අදාළ පාඨමාලාවන් නවීකරණය වුනොත් පමණක් මෙම සිසුන්හට රැකියාවන් සොයාගැනීමට පහසුවෙනු ඇත. එමෙන්ම තවත් "එක් වැදගත් අදහසක් "සඳහන් කිරීමට කැමැත්තෙමු. එනම් දියවන්නා ඔයේ ඉන්නා "අම්බරුවන්හට" කිසිදු දීමනාවක් හෝ කිසිඳු ගෙවීමක් හෝ සහනදායක ලෙස කෑම බීම, හෝ අධි සුඛෝපභෝගී වාහන ලබාදීමටත් "කිසිඳු පුරවැසියෙක්ගේ වගකීමක් නොවන" බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.
කණගාටුයි! ඇමති තුමනි, රින ආකල්ප වලින් මිදිලා ධන ආකල්ප වලින් සන්නද්ධ වෙන්න.
චන්ද හිඟ මනේ යන විට මෙව්වා කිව්වේ නැද්ද
යන්තම් ඇති ඔය ටික කියන්න එකදේශපාලකයෙකුට හරි කොන්දක් තිබෙන බව පේනවා. අනෙක් රටවල ළමයින් අර්ධ කාලීනව කම්කරු රැකියා කරමින් සරසවි ගාස්තු ගෙවන්නේ. අපේ උදවියට ඔක්කොම නොමිලේ දීලාත් රස්සාව විතරක් නම් මදැයි පරස්තාවත් බදු ගෙවන මිනිස්සුන්ගේ වියදමින් කරලා දෙනකන් බලන් ඉන්නවා. අනෙක බොහොමයක් දෙනෙකුට අත්‍යාවශ්‍ය වෘත්තීය කුසලතා නැහැ. අඩු ගානේ සේවයක් ලබා ගන්න එන කෙනාට සුහදව කතා කරන්න දන්නේ මේ උපාධිදාරින්ගෙන් කීයෙන් කී දෙනාද?
මේ ප්‍රකාශය මෙයා කිව්වා කියලා හොඳට රෙකෝඩ් කරලා තියා ගන්න ඕනි. අනේ මොනවා උනත් මහින්ද මහත්තය නම් කිව්වේ අපි නම් සියලු උපාධි ධාරීන්ට රැකියා දෙන්නට බැඳිලා ඉන්නවා කියලා.
රජයක කාර්යභාරය කුමක් විය යුතුද ? ප්‍රතිපත්ති සම්පාදනය කල යුත්තේ කවුරුන්ද ? රටක සංවර්ධන දිසානතිය දැක්විය යුත්තේ ජනතාවද?
මේ ගාමිණි දිසානායකගේ පුතෙක්ද ? එදා ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක කරපු වැඩවලින් දාහෙන් පංගුවක් මෙයාගේ මුළු දේශපාලන කාලයටම කරන්න පුළුවන් උනාද ? 2015 දී කිවුව කවුද චීනෙක් මෙයට මිලියන 100 ක් දීපු කතාවක් කිවුවට එකත් බොරුවක් නේද ?
හැබැයි චන්දෙ ඉල්ලගෙන එනකොට නම් ඔයවගේ කතා කියන්න මොවුනට පිටකොන්ද පන නැහැ .. දෙපත් නයි ...
හැම දෙයක්ම අතට, පයට කරලා දෙන්න ආණ්ඩුව බැඳිලා නැහැ. උපාධිදාරියා විසින් තමන්ගේ උත්සාහයෙන් දියුණු කර ගත යුතු රැකියා කුසලතා තියනවා. උදාහරණ විදියට කණ්ඩායමක් විදියට සාමුහිකව වැඩ කිරීම, පාරිභෝගිකයාට සේවා ලාභීන්ට ආචාරශිලිව කතා කිරීම වගේ දේවල් ආණ්ඩුවට ඔලුව අත ගගා කියා දෙන්න බැහැ. සමහරු රජයේ රැකියා ඉල්ලන්නේ පරක්කු වෙලා වැඩට ඇවිත් එතන අයිස් ගහලා අන්තිමේ පෙන්ෂන් අරගෙන ගෙදර යන්න පුළුවන් නිසා. හොඳයි මොකද මේ උදවියට පුද්ගලික අංශයේ රැකියාවට යන්න බැරි? එතන තිබෙන්නේ නීති විරෝධී රැකියා නෙවෙයිනේ. හද්ද කම්මැලි කමට ඈනුම් යවමින්, පාරිභෝගිකයාට ගෙම්බර් පාට් දමමින් ඉන්න එතන ඉඩ නැහැ. ඔන්න හේතුව !
කතාව ඇත්ත වුණත් සැබෑවටම රැකියා දීමේදී සාධාරණ බවක් තිබෙනවාද යන්න ගැටළුවක්. පළමුව දේශපාලකයාට අවශ්‍ය පුද්ගලයන්ට මුදලට රැකියා නොදී සාධාරණ ක්‍රමයකට ඒක කළ යුතුයි. නමුත් සිදුනොවන දේත් ඒකමයි.
හරියටම හරි ලෝකේ කොහෙවත් උපාධිය ගත්තට රජයේ රස්සා දෙන්නේ නෑ පුරප්පාඩුවට අයදුම් කරලා තමා රස්සාවට යන්න ඕන. ඔබ වැනි දේශපාලකයින් අපේ රටට අවශ්‍ය මොහොතක් මේක .
මොකද පුද්ගලික අංශයේ රැකියාවට යන්න බැරි? එතන පරක්කු වෙලා වැඩට ඇවිත් කම්මැලිකමට යන්තම් මොනවා හරි වැඩක් කරලා විශ්‍රාම වැටුප අරන් ගෙදර යන්න බැහැනේ. ලොකුවට උපාධි විතරක් තිබිලා වැඩක් නැහැ. සමහරුන්ට ඉංග්‍රීසියෙන් ලියුමක් ටයිප් කර ගන්න බැහැ. තියෙන්නේ කලා උපාධිය බලාපොරොත්තු වෙන්නේ එක පාරටම මහා දිසාපතිකම. රැකියා ස්ථානයේ යමක් අලුතෙන් ඉගෙන ගන්න එක තත්වයට මදි කමක්. අනෙක වැඩට ඇවිත් සුමානයක් වෙන්න කලින් පඩිය වැඩි වෙන්නේ කවද්ද අහනවා. ආකල්ප අන්තිමයි. මේවා ආණ්ඩුවට හදන්න පුළුවන් වැරදි නෙවෙයි.
හැබෑට පොස්ටර් ගහන අයට රැකියාවක් දෙන්න නම් වගකීමක් තියනවා.