(ඩයනා උදයංගනී)
විශ්‍රාම ලැබූ සහ විශ්‍රාම ලැබීමට නියමිත ත්‍රිවිධ හමුදා සමාජිකයන් හා පොලිස් නිලධාරින් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මගින් කෘෂිකර්ම හා ස්වයං රැකියා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අද (9) පැවැත්විණි.
මෙම වැඩසටහන තුළින් ඉදිරියේදි රට තුල කෘෂිකාර්මික නවෝදයක් ඇතිවන බව එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත ආරක්ෂක අමාත්‍යාශයේ මැදිහත් වීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, බැංකු හා අපනයන සංවර්ධන යන අංශ ප්‍රධානීන් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය තුළින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි.
දැනට ආරම්භ කර ඇති මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මේ වන විටත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් තුන්සියයක් පමණ පේරාදෙණිය, මාතලේ, අගුණුකොලපැලැස්ස යන කෘෂිකර්ම මධ්‍යස්ථානවල විශේෂ පුහුණුවක් සඳහා යොමුකර සිටින බව කී විජයවර්ධන මහතා ඔවුන් විසින් දැනටත් අපනයන කෘෂී බෝග වගා ව්‍යාපෘති ආම්භ කර තිබෙන බව ද කීවේය.
මෙම වැඩ සටහන යටතේ ඉදිරියේදී බතලගොඩ, අනුරාධපුර, ලුණුවිල, ගන්නොරුව, කුණ්ඩසාලේ, මාකදුර, මාතලේ යන කෘෂි මධ්‍යස්ථාන වලදි තවත් විශේෂ වැඩමුලු රැසක් ආරම්භ කිරිමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සඳහා සම්බන්ධ වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට බැංකු ණය පහසුකම් ලබා දීමට නියමිත බව ද රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ අධීක්ෂනය යටතේ දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති මෙම කෘෂිකර්ම හා ස්වයං රැකියා විශේෂ වැඩ සටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලේකම්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය, 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03 ලිපිනයෙන් ලබා ගත හැක.



COMMENTS
ඉතාම වටිනා කාලෝචිත ක්‍රියාවක් මමත් හමුදාවේ නොවුණත් විශ්‍රාමිකයෙක්. විශ්‍රාම ගත්තම අපට හරිම පාලුවක් දැනෙනවා. එනිසා මම පර්චස් 60ක පමණ තේ වගාවක් කළා. වංචනික පැල වෙලෙන්දෙකුගෙන් ගත් පැළ බාල නිසා සාර්ථකම ආදායමක් නැතත් මසකට කුලී ගෙවීමෙන් පසුව රුපියල් 10000ක් පමණ ලැබෙනවා. ඉන් මම සතුටකුත් ලබනවා. ඉඩමක් තිබුණා නම් මම තවත් වගා කරනවා.
හොඳ කල්ක්‍රියාවෙන් අවුරුදු 22ක සේවාකාලය නිමකර විශ්‍රාම ගන්න ආරක්ෂක අංශ සාමාජිකයෝ පුහුණුවක් දීලා පොලිස් සේවයට බඳවාගන්න බැරිද? ඇමරිකාව වගේ රටවල නම් එහෙම කරනවා.
තම තරුණකලය රට වෙනුවෙන් කැපකර ජීවිත පරිත්‍යාගයෙන් සේවය කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අවුරුදු 22ක සේවාකාලය නිමාකර අනිවාර්යයෙන් විශ්‍රාම යවනු ලැබේ. ඉන්පසුව ඔවුන් බොහෝවිට, පුද්ගලික ආරක්ෂක සේවාවලට බැඳී, ගේට්ටු මුර කරමින්, එක එක කාලකන්නි මිනිස්සුන්ගෙන් බැනුම් අසමින් අව්වේ වේලෙමින් සිටිනු දකින්නට ලැබේ. මෙම රණවිරුවන්ට පුහුණුවක් දී පොලිස් සේවයට, වනජීවී හෝ වෙනයම් රජයේ සේවයකට අනුයුක්ත කිරීම ඉතාම කාලෝචිත බව පෙනේ... අනිත් අතින් මොවුන් තරුණ කාලයේ විශ්‍රාම යන නිසා මොවුන්ට ලැබෙන විශ්‍රාම වැටුපෙන් දරුපවුලක් නඩත්තු කිරීමට අපහසුය. සමහරු පාතාලයට සම්බන්ධ වීමේ අවධානමක්ද ඇත. මොවුන් ගැන සොයා බැලීම ජාතික යුතුකමකි. මගේ ආයතනයේ සේවකයන් බඳවාගැනීමේදී මම මගේ මිත්‍ර හමුදාවේ උසස් නිලධාරියකුගේ රෙකමදාරුව මත විශ්‍රාම ගිය හමුදා සෙබළුන් බඳවාගන්න ලදී... ඔවුන් විනය, නිර්භීතකම, වැඩ පිළිවෙලකට කිරීම, පිරිසිදුකම අතින් සාමාන්‍ය තරුණයන්ට වැඩිය ඉතා ඉදිරියෙන් සිටින බව අවංකව සඳහන් කළයුතුය.
ඒ වගේම යුද්ධෙදි මැරුණු සහ ආබාදිත රණවිරුවෝ ගැන බලන්න ව්‍යාපෘතියක් කලොත්, ඒක කෙලෙහි ගුණ සැලකීම වගේම සාමාජිය ප්‍රශ්න ඇතිවීම වලකන්නත් හේතු වෙනවා. ඒ උදවිඋයගේ දරුවෝ හරිමග නොයන්න ගොඩක් ඉඩකඩ වැඩි, ආර්ථික ප්‍රශ්න සහ පියා නොමැතිකමෙන්.
රුපියල් ලක්ශ එකහමාරට වඩා පඩිගත්තු, මුහුදු ආරක්ශාවේ යෙදුනු විශ්‍රාමික සෙබලු හයදාස්පන්සීයකගේ විතර රැකියා අහිමිකර, වට්ටක්කාගෙඩියක්වත් විකුනාගැනීමට නොහැකිව ලතවන ගොවි පරපුරකට, අලුතින් තවත් ගොවිපරපුරක් එක්කරලීමට ගන්නා වෑයමට මගේ ප්‍රනාමය.
සතුටුදායකයි..!