(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයට දින නියමයක් නොමැතිව නිවාඩු ලබා දීමෙන් පසුව එම පීඨයට අයත් සිසුන් නේවාසිකාගාරයන්ගෙන් ඉවත් නොවීමත් සමඟ ඇතිවූ ගැටලුව විසඳීමට අද (25) පියවර ගෙන තිබේ.
පසුගිය 23 වැනි දා වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරය තුළදී පාලනාධිකාරය සමඟ එහි සිසුන් ඇතිවූ නොසන්සුන්තාවයක් මත එම පීඨයට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබාදෙනු ලැබුවේ අවුරුදු නිවාඩුව අවසන් වී නැවත අධ්‍යන කටයුතු ආරම්භ කළ දිනයේදීමය.
කෙසේ වෙතත් ගල්ල මාතර හම්බන්තොට වැනි පළාත්හි සිට නිවාඩුව අවසන් වී නැවත පැමිණි සිසුන් නිවාඩු හෙයින් ආපසු යාමට නොහැකි බව පැවසීමත් පාලනාධිකාරියේ තීරණය ඉවත් කරගන්නැයි ඉල්ලමින් පසුගිය දින දෙක පුරාම කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් පාලනාධිකාරිය ඉදිරිපිටට රැස් වී ඉල්ලීම් කරනු ලැබීය.
මේ අතර ඊයේ (24) දිනයේදී ද වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කළ අතර පසුව පාලනාධිකාරිය සමඟද සාකච්ඡා කරනු ලැබීය.
අනතුරුව වව්නියාව මණ්ඩපයේ පාලනාධිකාරිය විසින් කළමනාකරණ පීඨයේ සිසුන්ට දැනුම් දී ඇතිතේ නිවාඩු ලබා දුන් හෙයින් නැවත නිවෙස් වෙත යන ලෙසටත් සතියක් වැනි කෙටි කාලයක් ඇතුළත විසඳුම් සමඟ නැවත අධ්‍යන කටයුතු ආරම්භ කරන බවට පැවසීමත් සමඟ අද (25) දින කළමනාකරණ පීඨයේ සිසුන් මණ්ඩපයේ නේවාසිකාගාර වලින් ඉවත්ව නිවෙස් වෙතට යනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
53
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වව්නියාව මණ්ඩපයේ සිසු ගැටළුව අවසන්