IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වව්නියා‍වේ දරුවා පැහැරගත් 8 ක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)


වව්නියාව, ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමුවන හරස්වීදියේ නිවසකින් පසුගිය 31 වැනිදා මාස අටක් වයසැති දරුවා පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.


පසුගිය 31 වැනිදා අලුයම වෑන් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස් තිබිණි.


වෂුදරන් වානිෂන් නමැති මාස 08 ක් වයසැති දරුවෙකු එලෙස පැහැරගෙන ගොස් තිබිණි.


දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර, ඔහු හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන ඇති බවටත් අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්ඩායමක් යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවද දරුවාගේ මව සඳහන් කළාය.


දරුවා රැගෙන ගොස් දින කිහිපයකට පසුව දරුවාගේ පියා බව සැලකෙන පුද්ගලයා විදේස් රටක සිට වව්නියාව පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ දරුවාගේ මව විසින් අන්තර්ජාලය ඔස්සේ දරුවා තමන්ට පෙන්වීම නවතා දැමීම හේතුවෙන් තමන් පිරිසක් යොදවා දරුවා පැහැරගත් බවයි.


පසුව මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දරුවා සගවාගෙන සිටියදී සොයාගැනීමට හැකි වූ අතර දරුවා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

 

 



අදහස් (0)

වව්නියා‍වේ දරුවා පැහැරගත් 8 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site