සුමතිපාල දීයගහගේ
හික්කඩුව ප්‍රදේශයේ විදේශිකයෙකුට විකිණීමට දොම්පේ සිට ගෙන එන ලද රුපියල් කෝටි විස්සක් පමණ වටිනා වාලම්පූරියක් කොල්ලාකෑම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනක් අද (2) අත්අඩංගුවටගත් බව ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
සිනිගම සිටින විදේශිකයෙකුට මෙම වාලම්පුරිය විකිණිම සඳහා දොම්පෙ පදිංචි පුද්ගලයෙකු තවත් තිදෙනෙකු සමඟ මෝටර් රථයකින් හික්කඩුවට පැමිණ ඇත. එහිදී වාලම්පූරිය ගෙන එන ලද පිරිස එය විකිණිමේ අතරමැදියා සමඟ කතා කරමින් සිටින විට පැමිණ මෙම පොලිස් නිලධාරින් සිවු දෙනා වාලම්පුරිය ගෙන එන ලද පුද්ගලයින් පලවා හැර වාලම්පුරිය රැගෙන මෙම පොලිස් නිලධාරින් සිව්දෙනා ගොස් තිබේ.
එවිට වාලම්පුරිය ගෙන එන ලද පුද්ගලයින් මේ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී ඇත. ඒ අනුව වාලම්පුරිය සමඟ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තිබෙනා දහස් ගණන් වාලම්පුරි වල හැටියට වාසනාවක් තිබේ නම් ලංකාව සුරපුරයක් වෙන්න ඕනෑනේ? හැමදාම රටේ වෙන්නේම අහන්නේම හිරිකිත දේවල්මනේ... වාලම්පුරි වලින් මිනිසාට ලැබෙන බලයක් හෝ වෙනයම් වාසනාවක් උදාවෙනවා කියනවා නම් එය විද්‍යාත්මකව ඔප්පුකර පෙන්විය යුතුයි.. නියම බුද්ධ ශ්‍රාවකයා අන්ධ භක්තියේ ඇලෙන්නේ නැහැ.