IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විල්පත්තු අවට කැලෑ හයක් සංරක්ෂිත වනාන්තරයක් වෙයි

හර්ෂණ තුෂාර සිල්වා

විල්පත්තු වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හයක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අත්සන් තැබීය.
 
ජනාධිපතිවරයා එම ගැසට් නිවේදනයට අත්සන් තැබුවේ රුසියාවේ මොස්කව් නුවර සිට බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
 
ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එකතු කර තනි සංරක්ෂිත වනාන්තර වශයෙන් පත් කර තිබේ. ඒ අනුව  මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල ‘මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය’ ලෙස අද සිට හැඳින්වේ.



අදහස් (5)

විල්පත්තු අවට කැලෑ හයක් සංරක්ෂිත වනාන්තරයක් වෙයි

nimallalitha Saturday, 25 March 2017 01:30 AM

මේ හැම නීතියක්ම දේශපාලන බලයක් නැති සිංහලයන්ට පමණි

:       0       109

මනෝජ් Saturday, 25 March 2017 06:09 AM

අපගේ උත්තමාචාරය. හැබැයි ඉතින් නම් කරලා විතරක් මදි පවත්වාගෙන යන්ඩත් ඕනේ. අපි ඔබතුමාගෙන් මේවා තමයි බලාපොරොත්තු වුනේ.

:       41       38

kumar (galf) Saturday, 25 March 2017 08:41 AM

දැන් සාස් ගාලා ඔක්කොම කැලේ කපන එක නිට්ටාවට නවතියි. නිකන් රට හිනස්සන වැඩ, නීති රකින්නේ නැතිව නීති දාලා මොනවාටද?

:       91       151

රජින්ද Saturday, 25 March 2017 11:25 AM

අරහෙන් රජයේ වනාන්තර සහ රක්ෂිත වලින් සංවර්ධන කටයුතු වලට අවශ්‍ය පස්, බොරළු, වැලි කපන්න රහසේම අවසර දෙන ගමන් ප්‍රසිද්ධිය පිණිස, විනාශ කරපු වනාන්තරයක් ආයෙත් රක්ෂිතයක් කරන්න ගැසට් ගහනවා. ඇයි මෙහෙම මේ රට විනාශ කරන්න ඉඩදීලා හැමදේම වුනාට පස්සේ තීරණ ගන්නේ කියල මට තේරෙන්නේ නැහැ. පව් අපේ රට.!

:       46       127

saman Sunday, 26 March 2017 04:35 AM

හැමදාම කරන්නේ අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහපු එකනේ. ......අර මහා බැංකු මන්කොල්ලයට මොකද වුනේ දන්නේ නැහැ නේද ? .......වැටත් නියරත් ගොයම් කා නම් කට පවසම් දෝ දෝසා!

:       1       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site