(නිශාන්ත කුමාර)
මහවැලි ගඟ හරහා ඉදිකර ඇති මහියංගන මහ පාලම ආසන්නයේ සිදු කරන නීතී විරෝධී වැලි ගොඩ දැමීම නිසා හානී වී තිබු පාලමේ ආධාරක කුළුණුවල පාදම කොටස කොන්ක්‍රීට් ආස්තර යොදා යළි පිළිසකර කිරීම මේ වන විට අරඹා ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකෙරෙන මෙම කටයුතු සඳහා රුපියල් දෙකෝටි විසි හතර ලක්ෂ පනස් පන් දහස් අටසියයක (2 24 55 800) මුදලක් වෙන්කර තිබේ.
පාලම පිහිටි ස්ථානය ආසන්නයේ පසුගිය කාලය තුළ සිදුකරන ලද අනවසර වැලි ගොඩ දැමීම් හේතුවෙන් පාලම ස්ථානගත කර ඇති කුළුණු හයෙන් හතරකම අත්තිවාරම් කොටස් මතුවී තිබූ අතර දැඩි අනාරක්ෂිත තත්ත්වයේ පැවැතිණි.
සිදු වන පරිසර හානිය හා අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මේ වන විට වැලි ගොඩ දැමීම නතර කර තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහියංගණය වැලි ජාවාරම් කරැවන්ගෙ පාරාදීසයක් වෙලා ඉවරයි.තරාතිරම නොබලා දැඩි නිතිවලින් මැඩලීමේ වැඩපිළිවෙළක් නොතිබුනොත් තවත් මෙිවගේ වටිනා ස්ථාන විනාශ වෙයි
රජයෙන් වියදම් වූ විශාල මුදල වැලිගොඩ දැමූ ජාවාරම් කරුවන්ගෙන් වහාම අයකර ගැනීමට පියවර ගත යුතුයි.