අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  අද පැවැත්වු  විරෝධතා පාගමන විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි.


විරෝධතා පාගමන හේතුවෙන් මීට පෙර මරදාන බොරැල්ල අවට මාර්ග තදබදයක් පැවැති  අතර  අනතුරුව කොළඹ  කොටුව, ගාලු මුවදොර,  ලොටස් වටරවුම  තාවකාලිකව වසා දැමීමට සිදු විය.


මේ වන විට ලෝටස් වටරවුම අවට විරෝධතාකරුවෝ රැදී සිටින අතර ඔවුන් පාලනය කිරීම සඳහා මෙලෙස  ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කළ බව පොලීසිය සඳහන් කරයි.  

(36698)