( ඉෂාන් සංජීව )
අන්තර් විශ්වවිද්‍යාල සිසු විරෝධතා පා ගමනට නැවැත්වීම සඳහා මේ වන විට පොලීසිය විසින් පාර්ලිමේන්තු මාර්ගයේදී සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
මේ වන විට එහි පවතින තත්ත්වය අනුව බත්තරමුල්ල අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තද බදයක් ඇති වී තිබේ.








2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විරෝධතාව නවත්වන්න කඳුළු ගෑස්-ජල ප්‍රහාර
Raveendra Wednesday, 13 March 2019 11:31 AM
කරුණාකර අහිංසක මහජනතාවගේ බදුමුදල් කාබාසිනියා කරන අන්තරේ නමැති මරණාධාර සමිතියේ ඉන්න නිවට, පාදඩ රතු හැට්ටකාරයින් අප සමාජයෙන් අතුගා දැමීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. මෙම නිවටයන් මේ නැතිනාස්ති කරන්නේ අප රටේ අනාගත පරපුර නොවේද?
wedageWednesday, 13 March 2019 11:37 AM
අනාගත පරපුර රැකගන්න ඔබත් එක්වන්න
RaveendraWednesday, 13 March 2019 12:06 PM
wedage මයා වෙත, අපගේ අනාගත පරපුර මේ මොහොතේත් " බඩවියත රැකගන්නෙත් " අප විසින් හෙලන ලේ කදුළු දහදිය නිසා බැවින් දැනටමත් අප විසින් අපගේ අනාගත පරපුර එමගින් රැක ගනිමින් සිටින බවට ඔබහට දැන්වීමට කැමැත්තෙමු. අමතක නොකරන්න මේ "අන්තරේ නමැති මරණාධාර සමිතියේ ඉන්න නිවට, රතු හැට්ටකාරයින් " විනාශ කරන්නේ ඔබේ, මගේ, අපගේ ලේ, දහදිය කදුළු බව. මෙවන් අය සිටීමත් රටකට අවාසනාවකි.
ධනුෂ්කWednesday, 13 March 2019 02:36 PM
රවීන්ද්‍ර මහත්තයෝ ඔබ නිතරම පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් කියලා කියනවා. හැබැයි ඔවුන්ගේ වැඩවලට විරුද්ධව කවුරු හරි පාරට බැස්සොත් ඔවුනුත් හරක් ගාණට දානවා. මෙතන දියව් දියව් කියලා විතරක් නොවේ තිබෙන්නේ. විරෝධතා පුවරු හොඳට බලන්න. ඔබ පාලකයින්ට විරුද්ධව හැංගිලා අදහස් දම්මට... මේ රටේ පීඩනයට පත්වූ උගත්, බුද්ධිමත් දරුවන් දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්නේ නෑ. ඔබට පුලුවන්ද එහෙනම් දරුවන් නැතුව වැඩිහිටියන් රැස් කරගෙන පාලකයන්ට විරුද්ධව මෙහෙම දෙයක් කරන්න. හැංගිලා සියල්ල විවේචනය කිරීම ඔබේ පෞරුෂයද? මම දැක්කා රවුෆ් හකීම් මහතා කියලා තියනවා සමාජ අසාධාරණයට විරුද්ධ නොවෙන තරුණයෙක් ඉන්නවා නම් ඔහු බියගුල්ලෙක් හෝ රෝගියෙක් කියලා...
BamunuarachchiWednesday, 13 March 2019 04:27 PM
පාර වහලා නිසා මට ඩොක්ටර් හම්බවෙන්න යන්න වුනේ පිටකෝට්ටේ පැත්තෙන්. අපිට වද නොදී මරා ගත්තත් අපිට කමක් නැත.
ධනුෂ්කWednesday, 13 March 2019 02:45 PM
පාලකයෝ රට කාබාසිනියා කරමින් බඩ පිනුම් ගහනකොට. වැඩිහිටියෝ දෙන දෙයක් කාලා වන දෙයක් බලාගෙන ඉද්දි. සමහරු අපි හොයාගත්තොත් අපි කෑවා මතයේ සිටිමින් නෑහුනාකන්ව සිටිද්දි. සමහරුන් හැංගිලා පාර්ලිමේන්තුවේ ඉන්නේ අම්බරුවෝ කියද්දි. ඔබ කියන්නේ මෙහෙමහරි එම පාලකයන්ට විරෝධය දැක්වීම නිවටකමක් කියලද?
Raveendra Wednesday, 13 March 2019 03:14 PM
ධනුෂ්ක මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. අපද සැමවිටම අසාධාරණය වෙනුවෙන් දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද සටන් කළයුතු යන්න කිසිවිට බැහැර කරන්නේ නැත. පළමුව අප ජාතිවාදීන් නොවෙන්නෙමු. හකීම්ගේ කීදෙනෙක් මේ සටනට දායකවී තිබේද? යාපනේ නැගෙනහිර විශ්ව විද්‍යාලවල සිසුන් ඇයි මේ සඳහා දායකත්වයක් නොදක්වන්නේ කිනම් අදහසක් අරබයාද? (එම වදය සිසුන්ට කරන අසාධාරණයක් නොවේද ?) සැමදෙයක්ම දියව් දියව් කීමට තරම් අපගේ දරුවන් පහත් තත්වයකට අැද දැමුවේ මොවුන් නොවේද? ඇයි අප රටේ වැඩි දෙනෙකු පාර්ලිමේන්තුවේ ඉන්න හරකුන්ට හරකා කීමට බියවන්නේ? මෙම විරෝධතා මගින් සාමාන්‍ය අහිංසක ජනතාව මොනතරම් අපහසුතාවයන්ට පත්වෙනවද? එමගින් තවතවත් මේ දරුවන් කෙරෙහි පිළිකුලක් මෙන් වෛරයක් ගොඩනැගෙනවා නොවේද?
Raveendra Wednesday, 13 March 2019 03:28 PM
අපගේ මතෘභූමියට අවංකව දශක කීපයක් සේවය කර නැවතත් ඒ නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් ඉහළම සුදුසුකම් සමගින් ඉතා හොඳවැටුප් ලබමින් මේ මොහොතෙත් අපගේ ලේ කඳුලු, දහදිය හෙලමින් සොයන සෑම ඩොලරක්ම එවන්නේ අපට අපගේ මතෘභූමිය කෙරෙහි තිබෙනා අසීමිත ආදරයට හා ගෞරවයට බව සඳහන් කිරීමට කැමැත්තෙමු. අපටද ඔබ පැවසූ පරිදි දෙනදෙයක් ගිලදමා වෙනදෙයක් දෙසබලා සිටීමට නොහැකි නිසා මෙසේ අපගේ අනාගත පරපුර සහ රට අඳුරේ වැටෙනවාට කිසිවිට ඉඩදිය නොහැක. අපගේ දෙමාපියන් අනේකවිද දුක්ගැහැට විඳ අපගේ නෙත් පාදා දීමෙන් අප ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තු ඉහළින්ම මල්පල ගැන්වූවෝය. මේ දරුවන්ගේ දෙමාපියන්ද අනේකවිද දුක්කරදර විඳ දරුවන්ට උගන්නන්නේ එකෙකාගේ පඹයන් ලෙස නැටීමටද යන්න ඔබමෙන් නැවතත් සිතිය යුතුය. මේ දරුවන්ගේ නාස්තිවෙන කාලයට වගකියන්නේ ඔබද මමද මේ කාලකන්නි අන්දරෙලාද? අපට කිසිදු පක්ෂයක් නොමැත. අපට මහින්දත්, මෛත්‍රිත්, රනිලුත්, අනුරත් එකවල්ලේ පොල්ය. වෙනස නම් පාටවල් පමණි.
Bandara Thursday, 14 March 2019 01:22 AM
මටනම් මේ අයව පෙන්නන්න බැ. ටික දෙනෙකුගේ ශිෂ්‍ය භාවය තහනම් කරානම් අනිත් අය හදාගන්න පුළුවන්.