( පද්මසිරි ගාර්දියවසම් )      

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය ප්‍රදේශයේදී අද(12)  පාසල් බස් රථයකට යට වී  කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රැකව ,බොරළුව පාර, නෙටොල්පිටිය ලිපිනයේ පදිංචි එදිරිවීර ජයසූරිය ආරුකට්ටු පටබැදිගේ කුමුදිනී නමැති 40 හැවිරිදි තිදරු මවකි . 

ඇය තංගල්ල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක 02 වසරේ ඉගෙනුම ලබන දරුවා සමඟ  පාසැල නිමාවූ පසු තංගල්ලේ  සිට නෙටොල්පිටිය දක්වා පාසැල් බස් රියෙන් පැමිණ ඉන් බැසීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කීවේය . 

පාසල් බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය .මෘතදේහය තංගල්ල මූලික රෝහලට රැගෙන විත් තිබේ .