
(අංජුල මහික වීරරත්න)
ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී ආරම්භ විය.
“නිවර්තන කලාප වලින් මාතෘකා” topics from tropics යන්න තේමා කරගනිමින් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී සමාරම්භය සනිටුහන් කළ මෙම ජාත්‍යන්තර සමුළුව ලබන 14 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.
ජර්මනිය, ඉන්දියාව, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ඇතුළු රටවල් 25 ක් නියෝජනය කරමින් චර්ම රෝග ක්ෂෙත්රයේ විදේශ නියෝජිතයෝ, විශේෂඥයෝ සහ වෛද්‍යවරු 342 ක් පමණ මෙවර සමුළුවට සහභාගී වෙමින් සිටිති.
එමෙන්ම මෙම ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චර්ම රෝග විශේෂඥයින් සහ සම්පත් දායකයින් 150 පමණ එක් වීමද විශේෂයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd