( ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

මහනුවර ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනනුම ලබමින් සිටි හත්හැවිරිදි සිසුවෙක් විදුහල් පරිශ්‍රය තුළදී වාහනයකට යටවී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ජාත්‍යන්තර පාසලේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එම පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ රවිදු කුමාරගේ (07) නැමැති කුඩා සිසුවෙක් බව පොලිසිය කියයි.

එම සිසුවා පාසල් පරිශ්‍රය තුළදී වාහනයට යටවී තුවාල ලැබීමත් සමග  එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව තිබෙන අතර පොලිසිය මැදිහත් වී එය පාලනය කිරීමට සිදු වූ බවද පොලිසිය කියයි.

අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර අඩංගුවට පත්  සැකකරු අද (12) අධිකරණය හමුටම ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.