( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අංක තහඩු හා කිසිදු නිත්‍යනුකුල ලියවිල්ලක් නොමැතිව වෙනත් අයකුගේ යතුරු පැදියක් ධාවනය කළ අයකුට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා රුපියල් 58,500 ක දඩයක් (29) නියම කළේය.
පුත්තලම ඉබනු බතුනා පාර පදිංචි මුලෆ් මොහොමඩ් නෆ්රාස් නමැත්තාට එසේ දඩ නියම වූ අතරපසුගිය 24 වැනිදා රාත්‍රියේ යතුරුපැදිකරු පුත්තලම නගරයේ සිට පාලවිය දක්වා අධික වේගයෙන් පොලිස් අණ නොතකා පොලිසියට වෙට්ටු දමමින් ධාවනය කරමින් සිටියදී රථවාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනකු විසින් සැකකරු හඹා ගොස් අත් අඩංගුවට ගනු ලැබ තිබිණි.
බීමත්ව රිය පැදවිම, අන්තරාදායක ලෙස ධාවනය කිරිම, පොලිස් අණ නොතකා ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති විම, ආදායම් බලපත්‍ර නොමැති විම, රක්ෂණ සහතිකයක් නොමැති විම, රජයේ අනුමත අංක තහඩු නොමැතිව ධාවනය කිරිම යන සියලු චෝදනාවලට අධිකරණය ඔහු වැරදිකරු කළේය.
මෙයට අමතරව මෙම යතුරු පැදියේ නිත්‍යනුකුල හිමිකරු යැයි කියන පුද්ගලයාට පොලිසිය විසින් රුපියල් 3500 ක තවත් දඩයක් නියම කර තිබුණේ වෙනත් වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට යතුරුපැදිය ලබා දිමේ චෝදනාවටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ ටික තමා වෙන්න ඕනේ රට හදන්න නම්. ආඩම්බරයි පොලිසියේ සහ අධිකරණ ක්‍රියාවට.
පංකාදුයි
පළමු දඩය තවත් වැඩිකළ යුතුයි දෙවැනි දඩයත් ලක්ෂයක් කළ යුතුයි ජීවිත් හානියක් වුණා නම්..
දඩය තව 2-3 ගුණයක් වැඩි කරලා වාහනෙත් රාජසන්තක කලා නම් අනර්ඝ යි.
පොලිසියට වෙට්ටු දැම්මනම් අල්ල ගත්තට පස්සේ හොද වෙට්ටුවකුත් පොලිසිය ගානෙ දෙන්න තිබුන නේ.
මෙන්න මෙහෙමයි නීතිය ක්‍රියාත්මක විය යුත්තෙ, පොලිසියටත් ගරු අධිකරණයටත් රටටත් සාඩම්බරයක්.
එල
කල ගුණ සලකන්න අපි දැනගන්න ඕන මේක ජාතික සංහිඳිය බාවයට හානියක්
මෙවැනි නඩු තීන්දු රටේ සැම දිසාවකින්ම අසන්න ලැබෙනවා නම් කෙතරම් අගනේද.
ඇත්තටම වෙන්නම ඕනෑම වැඩක්
රටේ හැම තැනම මේ දේ වෙනවනම් කොච්චර හොදද! බස් ත්‍රී වීල් වලට, විශේෂයෙන් දේශපාලකයන්ටත් මේ නිතිය ක්‍රියාත්මක කලොත් මරු
හොඳයි