IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


‘වැරදි ඔප්පු වුණොත් රවී ගැන ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්නවා‘

(රංජන් කස්තුරි)

අමාත්‍ය රවී කරුණානායක මහතා වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

රවී කරුණානායක ඇමතිවරයාට විශ්වාස භංගයක් ඉදිරිපත් කළොත් ආණ්ඩුව ගන්නා තීන්දුව කුමක්ද යන්න මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට සේනාරත්න මහතා පැවසූවේ රවී කරුණානායක ඇමතිවරයා පවසන දේ ගැනත් බැලිය යුතු බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (02) පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.



අදහස් (19)

‘වැරදි ඔප්පු වුණොත් රවී ගැන ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්නවා‘

sachith Wednesday, 02 August 2017 11:11 AM

වසරේ හොදම විහිලුව....

:       181       571

rish Wednesday, 02 August 2017 11:48 AM

තරාතිරම නොබලා දඬුවම් කර රටේ යහපාලනයක් තියන බව ඔප්පුකිරීමට අන්තිම අවස්ථාව.........................

:       38       61

susanthaWednesday, 02 August 2017 03:42 PM

රිෂ්, අවුරුදු 2ක් නිදාගෙන හිටියද? එහෙම නැතිනම් සමාධියකට සමවැදිලා හිටියද?

:       0       1

raveendra Wednesday, 02 August 2017 12:15 PM

ඔහෙටත් එහෙමතමා " හරිය " !!!!!

:       0       176

sudes Wednesday, 02 August 2017 12:22 PM

ඕව ඉතින් ජීවිතේට ඔප්පු වෙන් නැහැනේ. රටේ නීතියට දේශපාලන ඇගිලි ගැසීම් තියෙනකම් ඕව ඉතින් අපිට නිකන් සුරඟන කතා තමයි. රට කරවන අය සහ ඔවුන් වටේ සිටින පිරිස මහජන මුදල් හොරකම් කරා කියල ඔප්පු කරන්න පුළුවන් විදිහේ කොච්චර පැහැදිලි සාක්ෂි තිබුනත් ඒවගෙන් බේරිලා ඉන්න පුළුවන් අමුතුම විදිහේ නීති තියෙන එකම රට අපේ රටයි.

:       0       108

menna Wednesday, 02 August 2017 12:29 PM

ක්‍රියාමාර්ග ගන්න දැනටමත් ප්‍රමාදයි. ලංකාවේ හැමදෙයක්ම වුනාට පස්සේතම විසදුම් හොයන්නේ. වරදක් වෙන්න කලින් නතර කරගන්න ක්‍රමයක් නැහැ. යුද්දේ, අනවශ්‍ය වරායවල් ගුවන්තොටුපොළවල්, ඩෙංගු, කසල, අවා, කෝපායි ඔහොම යමු ලංකා.

:       29       81

ලපයා Wednesday, 02 August 2017 02:45 PM

වැරදි ඔප්පු කරන්න 11 වතාවක් අල්ලස් කොමිසමට එන්න කියලත් ගියේ නැහැ නේද.? ඉතින් සහෝදර ඇමති ගැන මොන කතාද?

:       0       0

ජයන්ත මිලානෝ Wednesday, 02 August 2017 03:52 PM

ඕවා අපට දවල් හීන මහත්තයා ,තවත් අපට විහිළු කතා සපයනු එපා .

:       0       0

Chanak Los angeles Wednesday, 02 August 2017 08:55 PM

ඔව් ඉතින් වංචා කර තිබුනොත් වැඩිම වුනොත් පක්ෂයෙන් අයින් කරාවි. එහෙම නැතුව පොඩි මිනිහෙක් සුළු වංචාවක් කලාම හිරේට දානවා වගේ නම් වෙන එකක් නම් නැහැ. එහෙම තමයි බලවතාට එක නීතියකුත් දුබලයාට තවත් නීතියකුත් ලංකාවේ ස්ථාපිත වෙලා තිබෙන්නේ .

:       0       1

Chintahaka Thursday, 03 August 2017 03:17 AM

එතකොට කාගේද වැරදි ඔප්පු වුනේ ??? බයවෙන්න එපා ඔප්පු වෙන්නේ නෑනේ... වරදක් කරලා නඩු පැවරුවම පළමු දේ විය යුත්තේ තනතුරින් පහ කිරීම නොවීද? සාමාන්‍ය ජනතාවට අදාළ මේ නිතිය මෙයාලට අදාලම නැනේ.

:       0       51

vipula Thursday, 03 August 2017 03:37 AM

මෙතන ඔප්පු වීම තමයි සිදු වෙන්නේ නැත්තේ. ඒක නිසා එතුමා වැරදිකාරයෙක් වෙන්නේ නැහැ .

:       0       52

ධම්ම Thursday, 03 August 2017 03:39 AM

එතුමා වරදකරු වුනොත් විදේශ ඇමතිකමෙන් ඉවත්කර අධිකරණ ඇමතිකම දිය යුතුයි.

:       0       68

Padmini Thursday, 03 August 2017 04:17 AM

යහ පාලනයෙන් වැරදි ඔප්පු වෙනවා නම් ඉතින් වදුරෝ ගස් යන එකකුත් නැහැ.

:       0       13

සමනයා Thursday, 03 August 2017 04:17 AM

ඔප්පුවුනොත් ආණ්ඩුවට කලින් ජනතාව හා උසාවිය තීරණයක් ගනීවි. හොරුන්ගේ තාත්තලාගෙන් පේන අහන්ඩ අවශ්‍ය නැහැ.

:       0       13

Asanka Thursday, 03 August 2017 06:22 AM

කිසි වරදක් ඔප්පු කරන්න බැහැනේ. මේ යන විදියට, පාස්වර්ඩ් මතක නැහැ. මම දන්නේ නැහැ. මම හිටියේ නැහැ... කොහොමද ඔප්පු කරන්නේ? අවසානයේ ඔප්පු කරයි රටේ ජනතාවට වැරදිලා කියලා..

:       0       0

arunalu Thursday, 03 August 2017 07:34 AM

වැරදි ඔප්පු වුණොත් ස්විට්සර්ලන්තය වගේ රටක තානාපතිකරලා යවයි. ඊළඟ ඡන්දේදි අායෙමත් ඡන්ද දායකයෝ ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවයි. මෙයා කලින් වතාවක සතොසට කරපුදේ කාටද දැන් මතක තියෙන්නේ...?

:       0       0

Deepal Nirosh Thursday, 03 August 2017 08:16 AM

හැබෑට, දැන් මේ රටේ අගමැති, ජනාධිපති තමුන් කියලා හිතාගෙනද දන්නැහැ මෙයා මේ විදියට කතා කරන්නේ. ඔක්කොටම කලින් මේ කැබිනට් විහිළු ප්‍රකාශක ඉවත් කරල ඉඳිමු.

:       0       11

සමනයා Thursday, 03 August 2017 10:32 AM

දවල් හීනයක් ගැනද කියන්නේ?

:       0       0

reks Thursday, 03 August 2017 02:50 PM

ඔව් ඉතින් චීන නැව් කේස් එකත් ඔප්පු වුණේ නැහැනේ.... නේද මෙයා ....?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1064 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site